ඉමදූවේදී බස් රථ 3ක් එකිනෙක ගැටෙයි
ගාල්ල ඉමදූව අඟුලුගහ හන්දියේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.
බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඒ අනුව, අද ලබාදෙන සින්නක්කර නිවාස ඔප්පුවල වටිනාකම තව වසර දහයකින් දෙගුණයක් බවත් එම නිසා මෙම දේපළ නිසියාකාරයෙන් කළමනාකරණය කරගෙන ජීවිතය සාර්ථක කරගන්නා ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ (17) පැවති කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ඔප්පු ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහනට එක්වෙමිනි .
"මේ මහල් නිවාස ඉදිකිරීම සඳහා හිටපු නායකයන් තුන් දෙනෙක් විශාල කැප කිරීම් කළා. ශ්‍රීමත් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යවරයා බම්බලපිටියේ පළමු මහල් නිවාස සංකීර්ණය ඉදි කළා. ඉන්පසුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා කොළඹ විශාල මහල් නිවාස ව්‍යාපෘති ඇතිකළා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා මහල් නිවාස වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කටයුතු කළා. මේ තිදෙනාට ඒ සම්බන්ධව ස්තූතිවන්ත විය යුතුයි. අද මේ ඔබට ලබාදෙන සින්නක්කර නිවාස ඔප්පුවල වටිනාකම තව වසර දහයකින් දෙගුණයක් වෙනවා. එම නිසා මෙම දේපළ නිසියාකාරයෙන් කළමනාකරණය කරගෙන ජීවිතය සාර්ථක කරගන්න කියා මම ඉල්ලා සිටිනවා.
අද ඔබට ලැබෙන ඔප්පුව උකස් කරන්න එපා. තව අවුරුදු 10 කින් කොළඹ දියුණු වෙනවා. බස්නාහිර පළාත ලක්ෂ 50ක් ජීවත් වන විශාල නගරයක් බවට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහිදී රජයේ ඉඩම්වල තිබෙන පැරණි ගොඩනැගිලි ඉවත් කරනවා. ඒ වගේම මේ පළාතේ නව වරායක් ඉදිකළ හැකියි. ප්‍රසන්න රණතුංග ඇමතිතුමා ඇතුළු කණ්ඩායම දැනටමත් එම වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම කොළොන්නාව ප්‍රදේශයේ අලුතින් පාසල කිහිපයක් ඉදිකිරීමට අප තීරණය කළා. අප එම වැඩපිලිවෙල ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතයි."
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
මෙහි පළමු අදියර යටතේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ඔප්පු ලබාදීමට නියමිත අතර නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 937 ක් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 180 ක් ඇතුළු හිමිකම් ඔප්පු 1117ක් ප්රදානය කිරීම ඊයේ සංකේතවත්ව සිදු විය.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් මිහිඳු සෙත්පුර, සිරිසර උයන, මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණවල නිවැසියන්ට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති, මහල් නිවාස 31 නිවැසියන්ට මෙම “රන්දොර උරුමය” හිමිකම් ඔප්පු ලබා දීමට නියමිතය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ගාල්ල ඉමදූව අඟුලුගහ හන්දියේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.
රාත්‍රී කාලයේ පවත්වනු ලබන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ජනවාරි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.