පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් ගැන සුබ ආරංචියක්
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත්, මෙම සතිය තුළ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පැවසීය.
එසේම මාසිකව රුපියල් බිලියන 2.8ක අලාභයක් ලැබූ ජල සම්පාදන මණ්ඩලය අද වන විට රුපියල් බිලියන 6.2ක ලාභ ලබන තත්ත්වයකට පත් කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මෙසේද පැවසීය,
"විදුලි බිල අඩු කිරීම සඳහා පියවර ගැනීම පිළිබඳව අමාත්‍ය කාංචන විජේසේකර මහතාට අපගේ ප්‍රශංසාව හිමි වෙනවා. ජල සම්පාදනය ද විදුලි ගාස්තුව මත රඳා පවතින ක්ෂේත්‍රයක්. එම නිසා මෙම විදුලි ගාස්තු සංශෝධනය ජල ගාස්තුව අඩු කිරීමට ඉවහල් වනු ඇතැයි විශ්වාස කරනවා.
ජල සම්පාදනය විවිධ සාධක මත රඳා පවතිනවා. විදුලි ගාස්තු අඩු කළහොත් ජල ගාස්තු ද අඩුවන බවට අප කලින් පොරොන්දු වී තිබුණා. මේ වන විට අමාත්‍යාංශය විදුලිය මත පමණක් නොව පොලී අනුපාත 26% සිට 11% දක්වා අඩු වී තිබෙනවා. ඒ තත්ත්වය හමුවේ ඩොලරයේ අගය මත පදනම්ව ජල ගාස්තු අඩු කිරීම පිළිබඳ අධ්‍යයනය කරමින් සිටිනවා. ජල සම්පාදන මණ්ඩලයට අවශ්‍ය වන රසායන ද්‍රව්‍යයන් ආනයනය කිරීමේදී ඒවායෙහි මිල තීරණය වන්නේ ඩොලරය මත බව ද පැවසිය යුතුයි.
මෙම සතිය ඇතුළත ජල ගාස්තුව කොපමණ ප්‍රමාණයකින් අඩු කළ හැකිද යන්න තීරණය කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා. 2023 ජනවාරි මාසයේ මා මෙම අමාත්‍යාංශය භාර ගන්නා විට එය පැවතියේ නව ජල සම්බන්ධතා 1000ක්වත් ලබාදීමට නොහැකි තත්ත්වයකයි. ඒ වගේම මට එදා පැවරුණේ ඩොලර් මිලියන 800ක ණය බරක් සහ දළ වශයෙන් රුපියල් බිලියන 2.8ක මාසික පාඩුවක් ලබන ජල සම්පාදන මණ්ඩලයක් සහිත අමාත්‍යාංශයක්. එසේම මාසිකව රුපියල් බිලියන 4.5ක පුනරාවර්තන වියදමක් දරන ජල සම්පාදන මණ්ඩලය රටට සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබුණා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.