CLOSE

විදුහල්පතිවරුන්ගේ වැටුප් වෙනුවට විසඳුම් දෙන තුරු දේශපාලකයන් සහභාගී වන නිල උත්සවවලට සහභාගී නොවී සිටීමට විදුහල්පති වෘත්තීය සමිති හතක් ඒකමතිකව තීන්දුවක් ගෙන ඇත.

මීට අමතරව පාසල්වලට පැවැත්වෙන උත්සව සඳහා කිසිදු  දේශපාලකයකුට ආරාධනා නොකිරීමට ද එම වෘත්තීය සමිති හතට අයත් විදුහල්පතිවරු තීරණය කර ඇත.

විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව විසදෙන තෙක් කෙටි කාලින විසදුමක් ලෙස සියලු විදුහල්පති ශ්‍රේණිධාරීනට විදුහල්පති දීමනාව රුපියල් 15,000ක් ඉහළ නංවන තෙක් මෙම තීරණයේ එළැඹ සිටින බව ද එම සංගමය සඳහන් කරයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.