පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් ගැන සුබ ආරංචියක්
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින්නෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සහ සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, ව්‍යවසායක ධම්මික පෙරේරා, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක, හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහයන අය සහ මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝය.
මීට අමතරව උතුරේ දෙමළ පක්ෂ වලින් පොදු අපේක්ෂකයකු ද පෙරටුගාමී පක්ෂය ප්‍රමුඛ ජන අරගලය ව්‍යාපාරයෙන් අපේක්ෂකයකු ද ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධන ගේ මුණුබුරකු ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට මුලින් ප්‍රකාශ කෙරිණ.
අපේක්ෂක ලැයිස්තුව ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තවත් ඉහළ යා හැකි බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවැසේ.
මේ අතර දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ පවතින දේශපාලන තත්ත්වය අනුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන වැඩිම අපේක්ෂක ලැයිස්තුව මෙවර ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.
මේ අනුව ඉදිරි ජනාධිපතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
(ලංකාදීප - සුජිත් හේවාජුලිගේ සහ අමිල චින්තක ගමගේ)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.