ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව පුද්ගලයන් 364ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට අපේක්ෂකයින් 11 දෙනෙක් සහ ආධාරකරුවන් 356 දෙනෙක්ද ඇතුළත් බවත් නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව පවසයි.
අද (08) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පැවසුවේ මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොලීසියට මේ වන විට පැමිණිලි 340ක් ලැබී ඇති බව යි.
එම පැමිණිලි අතරින් අපරාධම ස්වභාවයේ පැමිණිලි 54ක් ද , මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව 286ක් ද, ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එමෙන්ම වාහන 94ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
මේ අතර පෝස්ටර් දස ලක්ෂ හැත්තෑදහසකට වැඩි ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර, නීති විරෝධීව රැගෙන ගිය පෝස්ටර් පන්ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්ද, පොලිස් භාරයට ගෙන තිබේ.
තවද බැනර් 855ක් ඉවත් කිරීමටත්, තවත් 458ක් පොලිස් භාරයට ගැනීමටත් කටවුට් 1,010ක් ඉවත් කිරීමටත් තවත් 1,322ක් පොලිස් භාරයටත් ගෙන ඇත.
අත්පත්‍රිකා 5045ක් ඉවත් කිරීමටත් තවත් 64,000කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.