දුම්රිය වර්ජනය මැද ප්‍රවේශපත්‍ර Online ක්‍රමයට ගන්න අවස්ථාව
දුම්රිය මගීන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම සලසා ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මිහින්තලේ ප්‍රාදේශීය රෝහලේ දී ලබාදුන් ඖෂධයක් මගින් ළමුන් 11 දෙනෙකුට සංකුලතා ඇති කිරීමේ සිදුවීමට අදාළ ඖෂධ සහිත ඇසුරුම් (Container) තත්ත්ව පරීක්ෂාව පිණිස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පාලන රසායනාගාරය වෙත යොමුකර ඇති බවත් එහි ප්‍රතිඵල ලැබෙන තෙක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ මෙම ඖෂධයේ ඉතිරිය භාවිතා කිරීම අත්හිටුවා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කළේ අද (15) දින මධ්‍යහ්න 12 වන විට එම දරුවන් සියලු දෙනාම ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල,
“මිහින්තලේ ප්‍රාදේශීය රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය මගින් 2024.07.13 දින පුද්ගලයන් 239 දෙනෙකු සඳහා ප්‍රතිකාර ලබා දී ඇත. ඒ අතරින් වයස අවුරුදු 6 - 11 අතර දරුවන් 11 දෙනෙකුට සංකූලතා ඇතිවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද අතර, අද (2024.07.15) දින මධ්‍යහ්න 12.00 වන විට එම දරුවන් සියලු දෙනාම ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇත.
මෙම දරුවන් සඳහා ලබාදී ඇති ඖෂධ, මුඛ මාර්ගයෙන් ලබාදෙන ඖෂධ (ගිලින පෙති) වන අතර, එම ඖෂධ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදනය කරන ලද ඒවා වේ. මෙම ඖෂධය අයත් කාණ්ඩයේ පෙති 1,470,000 ක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ බෙදා හැර ඇති අතර, මේ දක්වා වෙනත් කිසිදු රෝහලකින් මේ සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් වාර්තා වී නොමැත.
එම ඖෂධ හේතුවෙන් සංකූලතා ඇති වූයේ ද යන්න තහවුරු කරගනු පිණිස, ලබා දී තිබූ ඖෂධ සහිත ඇසුරුම් (Container) තත්ත්ව පරීක්ෂාව පිණිස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පාලන රසායනාගාරය වෙත යොමුකර ඇති අතර, එහි ප්‍රතිඵල ලැබෙන තෙක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ මෙම ඖෂධයේ ඉතිරිය භාවිතා කිරීම අත්හිටුවා ඇත.
තවද ඉහත සංකූලතා සහ ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ලබාදෙන එන්නත් අතර කිසිදු සබඳතාවක් නොමැත.”
මෙම සම්බන්ධව සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දුම්රිය මගීන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම සලසා ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
නඩු තීන්දුවක පිටපතක් ලබාදීම සඳහා රුපියල් 500ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බවට චෝදනා එල්ල වූ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළේය.