ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
දිස්ත්‍රික්ක 23කට බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද (30) මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.
දකුණු සහ බස්නාහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිස්ත්‍රික්ක 23කට බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව (SAWM-SL) විසින් සංවිධානය කරන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් ප්රචණ්ඩත්වය පිටු දැකීමේ දින 16ක ක්‍රියාකාරීත්වය අද (25) සිට ආරම්භ කර තිබේ.
2025 අයවැය මඟින් කප්පාදු කළ වැටුප්, අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා යළි ලබාදෙන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් හෙට (25) දිනයේදී යළි සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.