තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2023 වසරට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස 6 තුළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 11.3%කින් ඉහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2023 වසරේ මුල් මාස හය තුළ ලැබී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 2823ක් වු ප්‍රේෂණ ප්‍රමාණය මෙම වසරේ එම කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 3144 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
සංචාරක ඉපැයීම් 80%ක් වර්ධනය වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1557ක අගය සටහන් කරමිනි. පසුගිය වසරේ එම අගය දැක් වුණේ මිලියන 875ක් ලෙසිනි.
එම කාලය තුළ අපනයන 4.7%කින් ඉහළ ගොස් ඇති අතර ආනයන ද 6.4%කින් වර්ධනය වී ඇත.
ඒ අතරින් ආයෝජන භාණ්ඩ වර්ධනය 24.7%ක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.
රුපියලේ අගය එම කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 7.1%කින් ඉහළ ගොස් ඇත. ජපාන යෙන් ඒකකට සාපේක්ෂව 15.8%කින්, චීන යුවාන් ඒකකට සාපේක්ෂව 9.3%කින්, පවුමට සාපේක්ෂව 6.2%කින් සහ යූරෝ එකකයට සාපේක්ෂව 9.1%කින් ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.