වැඩක් කර ගන්නයි කරලා දෙන්නයි දෙකටම එන ‘Worky’
රැකියා වෙළෙඳපොළ සහ පාරිභෝගික සේවා අවශ්‍යතා එකම වේදිකාවකින් සපුරා ගැනීමට හැකිවන Worky යෙදවුම (app) මේ වන විට ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
රියදුරු දෑත සවිමත් කරමින් නිහඬ මෙහෙවරක නියැලී ඉන්නා Worky ආයතනය ඉදිරියටත් රියදුරන් ගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් කටයුතු කරන බවට පොරොන්දු වී තිබේ.
අද (25) පැවති ජාතික ටැක්සි ඇප් ත්‍රීරෝද රථ වෘත්තිකයන්ගේ එකමුතුව විසින් සංවිධානය කළ 8 වෙනි සංවත්සර මහා සභා රැස්වීමේ දී අදහස් පළ කරමින් Worky ආයතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී දිමුතු අමරසේන මේ බව පවසා ඇත.

එම ආයතනයේ මීගමුව ප්‍රදේශයේ නියෝජිත ලෙස කටයුතු කළ නැසී ගිය ත්‍රිරෝද රථ රියදුරු රවින්ද්‍ර රොද්‍රිගෝ ගේ 13 හැවිරිදි දියණිය වෙත අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුල්‍යමය අනුග්‍රහයක් ද ලබාදීමට ද Worky ආයතනය මෙම වැඩසටහනේ දී කටයුතු කර තිබුණි.
එමෙන්ම, අද පැවති මෙම වැඩසටහනේ දී ශ්‍රී ලංකා රජය මඟින් ක්‍රියාත්මක කරන "රටම එකට" - ජාතික විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික මෙහෙයුම සමඟ ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ දායකත්වය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබීම ද විශේෂත්වයක්. එම අවස්ථාවේ දී අදහස් දැක්වීමට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල ද එක්ව සිටියේ ය.
''Worky'' ගැන ..
''Worky'' යනු ශ්‍රී ලාංකේය රැකියා සහ සේවා වෙළෙදපොලේ පවතින අවශ්‍යතා සපුරාලීම සදහා නවමු තාක්ෂණය මූලික කොටගත් පුරෝගාමී තාක්ෂණික වේදිකාවකි. එය ඔබගේ එදිනෙදා ගමන් බිමන් සඳහා ටැක්සි රථ සම්බන්ධ කරදෙන ජංගම දුරකථන යෙදුමක (App) සිට රැකියා සොයන්නන්ට සහ අර්ධකාලීන සේවකයන්ට සේවා සොයන්නන් සමග කාර්යක්ෂමව සම්බන්ධ වීමට, ඵලදායීතාව වර්ධනය කරගත් රැකියා අවස්ථා හදුන්වා දීමටත් සේවා ලබා ගැනීමටත් හැකියාව ලබා දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රැකියා වෙළෙඳපොළ සහ පාරිභෝගික සේවා අවශ්‍යතා එකම වේදිකාවකින් සපුරා ගැනීමට හැකිවන Worky යෙදවුම (app) මේ වන විට ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය (DSEL) සමඟ ශ්‍රී ලංකාව ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයට පිවිසෙයි.
ශ්‍රී ලංකාවේ නව තාක්ෂණයෙන් රැකියා වෙළෙඳපොළටත්, පාරිභෝගික සේවා අවශ්‍යතාත් එකම ඇප් එකකින් සපුරා ගන්න අවස්ථාවක්