පකිස්ථානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් : තිදෙනෙක් මරුට
පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරකයන් තිදෙනෙක් එල්ල කළ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් අවම වශයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය 28 වනදා මියන්මාරයේ සගායින්ග් නගරය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 7.7ක ප්‍රභලත්වයකින් යුතු ප්‍රභල භූ කම්පනයක් හටගත්තේය.
ඉන් මරණ 10 ක් තායිලන්තයෙන් වාර්තා වන අතර සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර මියන්මාරයේ මැන්ඩලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලික රෝහලක් බවට පත් කිරීමට බලදාරින් පියවර ගෙන තිබේ.
ආපදාවට පත්වූවන් සදහා සහන සැපයීමට ඉන්දියාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් මියන්මාරයට මානුෂීය ආධාර ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ඉන්දියාවෙන් ටොන් 60ක සහනධාර සහිත ගුවන් යානා දෙකක් මියන්මාරයට යවා ඇති අතර බ්‍රිතාන්‍ය විසින් පවුම් මිලියන 10ක ආධාර ලබා දී ඇතැයි සඳහන්.
මේ අතර මියන්මාරයේ කුමන්ත්‍රණ විරෝධි සටන්කාමින් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූමිකම්පාවකින් පසු ගලවා ගැනීමේ සහ සහන කටයුතු සඳහා ඉඩ සැලසීම අරමුණන් ඔවුන් එම සටන් විරාමය ක්‍රියාත්මක කර ඇති බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරකයන් තිදෙනෙක් එල්ල කළ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් අවම වශයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
පසුගිය වසරේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට එරෙහිව දරුණු මර්දනයක් ගෙන යාම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනාට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.
මෙක්සිකෝ අගනුවර පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 120 දෙනෙකු - ඔවුන්ගෙන් 100 දෙනෙකු පොලිස් නිලධාරීන් - තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.