වෙනිසියුලානු නොබෙල් සාම ත්‍යාගලාභිනිය තම පදක්කම ට්‍රම්ප්ට පිරිනමයි
තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
29 දෙනෙකු ගේ දිවි ගලවා ගෙන ඇති බවත් මුදාගැනීමේ මෙහෙයුම් දිගටම සිදු කෙරෙන බවත් එරට ජාතික සෙවුම් සහ මුදාගැනීමේ ඒජන්සිය නිවේදනය කර තිබේ.
නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා පිටත්ව ඇති මෙම මගී නෞකාව මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇති අතර එය ගිලී ඇත්තේ එරට වේලාවෙන් ඊයේ (2) පස්වරු 11.20 ට පමණ බව වාර්තා වේ.
අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු සිදුවෙමින් පවතින නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි බාධා එල්ල වී බව සඳහන් වේ.
දූපත් 17,000 කට වඩා වැඩි දූපත් සමූහයක් වන ඉන්දුනීසියාවේ මෙම මගී නෞකා සාමාන්‍ය ප්‍රවාහන ක්‍රමයක් වන අතර, ප්‍රමාණවත් ජීවිතාරක්ෂක උපකරණ නොමැතිව මෙම නෞකා යාත්‍රා කරන අතර දැරිය නොහැකි තරමට බර පටවා ගැනීම හේතුවෙන් අනතුරු බහුලව සිදු වන බව සඳහන් වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.
රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තය තුළ බලය තහවුරු කරගැනීමට පෙර, අමෙරිකාව විසින් එහි බලය තහවුරු කරගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව ජනපති ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබේ.