පුවත්

අවධානයෙන් ඉන්න! - ලොව පුරා අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන අමෙරිකානුවන්ගේ ආරක්ෂාව අවදානමකට ලක්විය හැකි බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

Read More

සිරියාවේ පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 22ක් මරුට

සිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 22 දෙනෙකු මිය ගොස් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව සිරියාවේ සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

Read More

ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇති බැවින් එරට සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් එල්ලවිය හැකි ප්‍රහාරවලින් බේරීම සඳහා නිසි ආරක්ෂක උපදෙස් පිළිපදින මෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඉල්ලීමක් කර තිබේ.

Read More

ඉරාන න්‍යෂ්ටික බලාගාර තුනකට ඇමරිකාවෙන් ප්‍රහාර : ට්‍රම්ප් ජාතිය අමතයි

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ජාතිය අමතා පැවසුවේ ඉරානය දැන් සාමය ඇති කළ යුතු බවත් එසේ නොකළහොත් අනාගත ප්‍රහාර දැඩි වනු ඇති බවත් ය.

Read More

බදුල්ලේදී බස් රථයක් පෙරළීමෙන් තිදෙනෙකු මරුට (VIDEO)

බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

වෛද්‍ය මහේෂි ගැන ඔබ දන්න තොරතුරු අල්ලස් කොමිසමට කියන්න

විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න යටතේ ශල්‍යකර්මයන්ට භාජනය වී භාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ හෝ අගතියට පත් රෝගීන් ඇතුළු පාර්ශවයන්ගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ.

Read More

කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා

කිසිදු ලියවිල්ලක් නොමැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

Read More

නාමල් ඇතුළු දේශපාලකයන් 28කගේ වත්කම් ගැන විමර්ශනයක්

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

සූකර උණ අවදානම ගැන අති විශේෂ ගැසට්ටුවක්

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More