රුසියාව සහ චීනයට පෙර හොඳින් හෝ නරකින් ග්‍රීන්ලන්තය අයිති කර ගත යුතුයි - ට්‍රම්ප්
රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තය තුළ බලය තහවුරු කරගැනීමට පෙර, අමෙරිකාව විසින් එහි බලය තහවුරු කරගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.
"අපි, වෙනිසියුලා ජාතිකයන්ට අද ඓතිහාසික දිනයක් යැයි මම සිතමි," ඇය ට්‍රම්ප් හමුවීමෙන් පසු පැවසුවාය. එය ඔවුන් දෙදෙනා පෞද්ගලිකව මුණගැසුණු පළමු අවස්ථාව යි. එක්සත් ජනපද හමුදා වෙනිසියුලා අගනුවර කැරකස්හිදී එරට ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලාගෙන ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමෙන් සති කිහිපයකට මෙම හමුව සිදුවිය.
"අන්‍යෝන්‍ය ගෞරවය දැක්වීමේ අපූරු හැසිරීමක්" බව සඳහන් කරමින් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනකින් සිය කෘතඥතාව පළ කර තිබේ.
කෙසේ නමුත් මෙම ප්‍රකාශයට නෝර්විජියානු නොබෙල් කමිටුව සඳහන් කර තිබුණේ නොබෙල් ත්‍යාගයක් ප්‍රකාශයට පත් කළ පසු එය අවලංගු කිරීමට, බෙදා ගැනීමට හෝ වෙනත් අයෙකු වෙත පිරිනැමීටම නොහැකි බවත් ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කැමැත්තෙහි හෝ නොබෙල් පදනමේ ප්‍රඥප්තිවල එවැනි හුවමාරුවක් සඳහා හැකියාවක් නොමැති බවත් ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තය තුළ බලය තහවුරු කරගැනීමට පෙර, අමෙරිකාව විසින් එහි බලය තහවුරු කරගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව ජනපති ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබේ.
ජපාන පාර්ලිමේන්තුවේ ඉහල යන කාන්තා නියෝජනයට ගැලපෙන පරිදි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාන්තා වැසිකිළි ගණන ඉහල දමන මෙන් පෙත්සම් ඉදිරිපත් කර ඇති කාන්තා මන්ත්‍රීවරියන් 60 දෙනා අතර එරට අගමැතිනි සනේ ටකයිචි සිටින බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.