වැඩක් කර ගන්නයි කරලා දෙන්නයි දෙකටම එන ‘Worky’
රැකියා වෙළෙඳපොළ සහ පාරිභෝගික සේවා අවශ්‍යතා එකම වේදිකාවකින් සපුරා ගැනීමට හැකිවන Worky යෙදවුම (app) මේ වන විට ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය (DSEL) සමඟ ශ්‍රී ලංකාව ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයට පිවිසෙයි.
ජාතිය ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්රයට පිවිසීමත් සමඟ ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියැවෙමින් තිබේ.
චීනයේ ඉතා සාර්ථක Chang'e 6 චන්ද්‍ර මෙහෙයුම ඉක්බිතිව, චීන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමේ ප්‍රධාන නිර්මාණකරු හා ප්‍රධාන සැලසුම්කරු වන මහාචාර්ය වූ වේර් යින් (Wu Weiren)ගේ සහ ඔහුගේ දූත පිරිසගේ ශ්‍රී ලංකා සංචාරය මේ වන විට ආසියානු කලාපයේ මෙන්ම අභ්‍යවකාශ විෂයය ක්ෂේත්රය පිළිබඳව උනන්දුවක් දක්වන කාගේත් දැඩි අවදානයට යොමු වූ සැලකිය යුතු කුතුහලයක් ඇති කර ඇති අතර මෙම සංචාරය තුළ ශ්‍රී ලංකාව අත්පත් කර ගන්නට යන වාණිජමය මෙන්ම විද්‍යා හා තාක්ෂණ ජයග්‍රාහණයන් පිළිබඳව ද ප්රබෝධයක් ඇති කර තිබේ.
ඓතිහාසික චන්ද්‍ර මෙහෙයුමක්
2024 මැයි 3 වන දින දියත් කරන ලද චීනයේ Chang'e 6 මෙහෙයුම ජාත්‍යන්තර අභ්‍යවකාශ ගවේෂණයේ දැවැන්ත ජයග්‍රහණයක් සනිටුහන් කරනු ලැබීය. මෙම සුවිශේෂී මෙහෙයුමේ ප්‍රධානතම අපේක්ෂාව වූයේ සෑමවිටම පෘථිවියට පිටුපා ඇති සඳේ අඳුරු කලාපය එනම් චන්ද්‍රයාගේ ඈත පැත්තට ගොඩ බැස්සවූයේ දක්ෂිණ ධ්‍රැවය-එයිට්කන් ද්‍රෝණියේ, එහි පැරණි බලපෑම් ඉතිහාසය පිළිබඳව පරීක්ෂා කිරීමටය. මෙය ලෝකයේ බොහෝ අභ්‍යවකාශ විශේෂඥයින් ගේ සැලකිය යුතු විද්‍යාත්මක උනන්දුවක් ඇති කලාපයකි.
සපැමිණි චීන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමේ ප්‍රධාන නිර්මාණකරු හා ප්‍රධාන සැලසුම්කරු වන මහාචාර්ය වූ වේර් යින් (Wu Weiren) ගේ Chang'e 6 හි අරමුණ වන්නේ චන්ද්‍ර සාම්පල කිලෝග්‍රෑම් 2 ක් පමණ පෘථිවියට ආපසු ලබා දීම, සඳෙහි සංයුතිය සහ භූ විද්‍යාත්මක ඉතිහාසය පිළිබඳ පෙර නොවූ විරූ අවබෝධයක් ලබා දීමයි. මේ වන විට මෙම මෙහෙයුම අති සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වන අතර ලෝකයට මෙතෙක් අණාවරණය නොවූ අභ්‍යවකශයේ රහස් රැසක් මෙම ව්‍යාපෘතිය ඔස්සේ හෙළිදරව් වනු ඇත.
අභ්‍යවකාශ ගවේෂණයේ ශ්‍රී ලංකාවේ නව භූමිකාව
ශ්‍රී ලංකාවේ භූ පිහිටීමේ සුවිශේෂතා මත අභ්‍යවකාශ ගවේෂණයේ දී බොහෝ විෂයය ප්‍රවීණයන් ප්‍රමාණයක් එහි හැසිරීම හා ඉතිහාසගත කරුණු පිළිබඳව විශ්ලේෂණය කිරීමට පෙළඹී ඇති අතර මෙතෙක් ජාත්‍යන්තරය හා සහ සම්බන්ධ වෙමින් මෙම පරීක්ෂණ ඔස්සේ වඩාත් සක්‍රීය ලෙස ගනුදෙනු කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ ප්‍රස්ථාවක් නොවීය. මෙම දිගු කාලීන අඩුව සපුරාලමින් ජූනි මස 7දා චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ රසායනාගාරය (DSEL) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලාංකේය සමාගමක් ස්ථාපිත කරනු ලබයි.
'Supreme Deep Space (Pvt) Ltd.' නම් වූ මෙම සමගම දේශීය පුද්ගලික ව්‍යවසායකත්වය මත බිහි වන අතර මෙරට තුළ ඇති දැනුමින් පෝෂිත මානව සම්පත නිසි ලෙස හඳුනා ගනිමින් ලෝකයේ නවතම ප්‍රවණතාව වන ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයන් හා ඒ ආශ්රිත සෙසු විද්‍යාත්මක හා තාක්ෂණික මෙහෙයුම් ව්‍යාපෘතීන් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම සම්පත් සම්බන්ධ කිරීම එමගින් සිදු වනු ඇත.
මේ වන විටත් මෙම සුප්‍රීම් ඩීප් ස්පේස් පුද්ගලික සමාගම චන්ද්‍ර සහ අඟහරු මෙහෙයුම් ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට සූදානම් වේ. මෙම හවුල්කාරිත්වය ගෝලීය අභ්‍යවකාශ ගවේෂණ සිතියමේ ශ්‍රී ලංකාව ස්ථානගත කරනවා පමණක් නොව, පෙරළිකාර විද්‍යාත්මක ප්රයත්නයන් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට ජාතියට ඉඩ සලසයි.
ගෝලීය තරඟකාරිත්වය සහ උපායමාර්ගික සන්ධානයන්
අභ්‍යවකාශ ගවේෂණයේ වර්තමාන ගෝලීය භූ දර්ශනය අනුව මෙම හවුල්කාරිත්වය ඉතාමත්ම කාලෝචිත දැවැන්ත විද්‍යා හා තක්ෂණික අභිවෘද්ධියකට ශ්‍රී ලංකාවට මග පාදන ක්‍රියාවලියක් බව විශේෂයෙන් සැලකිය යුතු ය. මේ වන විටත් එක්සත් ජනපදයේ ආටෙමිස් වැඩසටහන, චීනයේ අභ්‍යවකාශ හා චන්ද්‍ර මෙහෙයුම් අභිලාෂයන් සමඟ තරඟ කිරීමට සූදානම් වන අතර, 2026 වන විට අභ්‍යවකාශගාමීන් සඳ මතට ගොඩ බස්වා එහි තිරසාර පැවැත්මක් ස්ථාපිත කිරීම අරමුණු කර ගෙන ඇත.
මේ වන විට අභ්‍යවකාශ පරීක්ෂණ හා ජනපද නිර්මාණයට ඇති ඉඩකඩ වෙනුවෙන් පරීක්ෂණ කරන මෙම ප්‍රබල ජාතීන් දෙකම ගෝලීය වශයෙන් සිය මෙහෙයුම් සමගින් සම්බන්ධ වීමට ජාත්‍යන්තර සහයෝගිතාකරුවන් සොයමින් සිටින අතර, එහි පාර්ශවකරුවෙක් ලෙසින් චීනය සමඟ ශ්‍රී ලංකාවේ සුප්‍රීම් ඩීප් ස්පේස් සමාගම චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය (DSEL) සමගින් මෙසේ හවුල්කාරීත්වයකට එළෙඹීම මෙරට විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව කෙරෙහි විශාල සුබවාදී බලපෑමක් ඇති කරන, උපායමාර්ගික පෙළගැස්මක් ලෙසින් හඳුන්වා දිය හැක.
ශ්‍රී ලංකාවට පෙරළිකාර සංවර්ධනයක්
මහාචාර්ය Wu Weiren ගේ සංචාරය මෙම සහයෝගීතාවයේ මූලෝපායික වැදගත්කම අවධාරනය කරයි. Supreme Deep Space ස්ථාපනය කිරීම අභ්‍යවකාශ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ශ්‍රී ලාංකේය විශේෂඥතාව ඉහළ නැංවීමේ දූරදර්ශී ප්‍රවේශයට සාක්ෂියකි. නවෝත්පාදන සහ ගවේෂණ සංස්කෘතියක් පෝෂණය කරමින් ශ්‍රී ලංකාවේ නව පරම්පරාවේ විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් දිරිගැන්වීමට මෙම මුලපිරීම සූදානම් වේ.
මෙම ඓතිහාසික සම්මුතිය මෙරට තරුණ පරම්පරාවට නැවුම් වෘත්තීය අවස්ථාවන් විවෘත කරමින් නැවුම් රැකියා වෙළෙඳපොලක් නිර්මාණය කරමින් ලෝකයේ අති දියුණු තක්ෂණයන් අතර ප්‍රමුඛතම කේෂ්ත්‍රයක් වූ ගැඹුරු අභ්‍යවකාශ විශ්ලේෂණයට මෙරට දරු දැරියන් සහභාගි කර ගනිමින් මෙම විශ්ලේෂණයන් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර ශ්‍රී ලාංකේය විශේෂඥතාව උපයෝගී කර ගනිමින් ජාතියේ විද්‍යාත්මක හැකියාවන් ගෝලීය වේදිකාවක් මත ප්‍රදර්ශනය කිරීමට මෙම වැඩසටහන හරහා ඉඩකඩ සකසයි.
සුප්‍රීම් ග්ලෝබල් හි මෙම අභියෝගාත්මක සහ නව්‍ය පියවර ශ්‍රී ලංකාව නම් වූ මෙම දූපත් රාජ්‍යය, ලොව ප්රබලතම විෂයය ක්ෂේත්රයක් වූ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයේ ප්‍රධාන මෙහෙයුම්කරුවෙක් හා ලොව විශාලතම ගැඹුරු අභ්‍යවකාශ පරීක්ෂණයන්ට සහයෝගය දක්වන ප්රමුඛ රාජ්‍යයක් බවට පත්වේ.
ශ්‍රී ලංකාව සහ චීනය අභ්‍යවකාශ ගවේෂණයේ නව මාවතක් සකස් කරයි: සහයෝගීතාවයේ ක්ෂේත්‍ර
Supreme Deep Space පුද්ගලික සමාගම සහ චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය (China’s Deep Space Exploration Laboratory - DSEL) අභ්‍යවකාශ ගවේෂණය සහ තාක්ෂණය දියුණු කිරීම සඳහා සහයෝගීතාවයේ ක්ෂේත්‍ර කිහිපයක් ගෙනහැර දක්වා ඇත.
සුප්‍රීම් ඩීප් ස්පේස් අභ්‍යවකාශ මෙහෙයුම්වලට අදාළ ව දේශීය ප්‍රවීණතා ලැයිස්තුගත කිරීම සිදු කිරීමට අපේක්ෂිත අතර ඒ හරහා පුළුල් දත්ත එකතුවක් නිර්මාණය කරනු ඇත. මෙම දත්ත එකතුවට තාරකා භෞතික විද්‍යාව, ද්‍රව්‍ය විද්‍යාව සහ අභ්‍යවකාශ මෙහෙයුම් යටිතල පහසුකම් හා සේවා සම්පාදනය වැනි ක්ෂේත්රවල විශේෂිත දැනුමක් ඇති විද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ පර්යේෂකයන් ඇතුළත් වේ.
මෙම සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්රයක් වන්නේ ඉදිකිරීම් සඳහා ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණයි. මෙම පර්යේෂණය මගින් චන්ද්‍රයා මතුපිට පෘෂ්ඨයේ ඇති පාංශු හා සෙසු ද්‍රව්‍ය යොදාගෙන (Lunar Regolith) ඒවා භාවිතයෙන් සඳ මත ව්‍යුහයන් ගොඩනැගීම සඳහා ක්‍රමවේද සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති අතර එමඟින් චන්ද්‍රයා මත ජනාවාස පිහිටුවීම, මිනිසුන් යොදාගෙන පරීක්ෂණ සිදු කිරීම හා සෙසු විද්‍යාත්මක ක්‍රියාකාරකම් වලදී එල්ලවිය හැකි බලපෑම් පිළිබඳව මනා පූර්ව නිගමයන්ට එළැඹීමටත් සිදු විය හැකි අවධානම් සහගත තත්ත්වයන් ගෙන් සුරක්ෂිතව සිටිමින් චන්ද්‍ර කඳවුරු පිහිටුවීමේ පිරිවැය සහ සංකීර්ණත්වය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමටත් හැකියාව ලැබේ.
ඇදහිය නොහැකි ශක්තිය සහ සන්නායකතාවය සඳහා ප්‍රසිද්ධ ද්‍රව්‍යයක් වන ග්‍රැෆීන් භාවිතා කරමින් අභ්‍යවකාශ සෝපානයක ශක්‍යතා විමර්ශනය කිරීම ද මෙම චීන ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ අරමුණයි. මෙම අභිලාෂකාමී සංකල්පයට අනුව පෘථිවි පෘෂ්ඨයේ සිට භූ ස්ථායී කක්ෂයක් දක්වා සම්බන්ධිත ව්‍යුහයක් නිර්මාණය කිරීම, ද්‍රව්‍ය සහ පිරිස් අභ්‍යවකාශයට පිරිවැය-ඵලදායී ලෙස ප්‍රවාහනය කිරීමට හැකි වේ. මෙම ඒකාබද්ධ පර්යේෂණ මගින් ග්‍රැෆීන් නිෂ්පාදන ශිල්පීය ක්‍රම සංවර්ධනය කිරීම සහ අභ්‍යවකාශ සෝපාන තාක්ෂණය තුළ එහි යෙදුම පරීක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.
Supreme Deep Space සහ DSEL අතර මෙම සහයෝගීතාවය ගෝලීය අභ්‍යවකාශ ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව තුන් වන ලෝකයේ රටක් සැලකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කරයි. දේශීය විශේෂඥතාව උපයෝගී කර ගනිමින් සහ අති නවීන පර්යේෂණ සඳහා දායක වීමෙන්, මානව වර්ගයාගේ යහපත සඳහා ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණය, නවෝත්පාදන සහ විද්‍යාත්මක සොයාගැනීම් සඳහා ප්‍රධාන සහයෝගීතාකරුවෙක් බවට පත් වන ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර අනන්‍යතාව නව මානයකට ගෙනියමින් අනාගත විද්‍යා හා තාක්ෂණය ජය ගන්නා අභිමානයෙන් යුක්ත රටක් ලෙසින් පරිවර්තනය වීමට සූදානමින් සිටී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රැකියා වෙළෙඳපොළ සහ පාරිභෝගික සේවා අවශ්‍යතා එකම වේදිකාවකින් සපුරා ගැනීමට හැකිවන Worky යෙදවුම (app) මේ වන විට ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ නව තාක්ෂණයෙන් රැකියා වෙළෙඳපොළටත්, පාරිභෝගික සේවා අවශ්‍යතාත් එකම ඇප් එකකින් සපුරා ගන්න අවස්ථාවක්