තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් ලබාදුන් අරමුදල් හසුරවා ඇති ආකාරය සම්බන්ධව විමර්ශනයක් කළ යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
සිය "X" ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට පමණක් මෑත වසරවලදී USAID ආයතනයෙන් ඩොලර් මිලියන ගණනක මුදල් සහ ප්‍රධාන ලැබුණු බවය.
ලොව පුරා ව්‍යාපෘති රැසකට අරමුදල් සැපයූ USAID ආයතනය මානුෂීය ආධාර මුවාවෙන් තම අරමුදල් වෙනත් රටවල ප්‍රශ්න සහගත සහ අස්ථාවරත්වය ඇති කිරීමට යොදා ගත් බවට බටහිර මාධ්‍ය චෝදනා එල්ල කර ඇතැයි ඔහු සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
ඔවුන් තම ප්‍රදාන සහ ආධාර අරමුදල් භාවිත කළ ආකාරය සම්බන්ධව පැහැදිලිව වාර්තා වී නොමැති අතර USAID යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති සහ ප්‍රදාන පිළිබඳව පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා එම සටහන මගින් සඳහන් කර තිබේ.
………………
USAID අරමුදල් නැවැත්වීම: 'ශ්‍රී ලංකාවට විශාල බලපෑමක්'; 'රැකියා පවා අනතුරේ'
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් ජනවාරි මස 20 වන දින අත්සන් තබන ලද විධායක නියෝගයකට අනුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අරමුදල් සපයන විදෙස් ව්‍යාපෘති දින 90ක කාලයක් සඳහා අත්හිටුවන ලෙස නියෝග කෙරිණි.
එම නියෝගයට අනුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති රැසක් අත්හිටුවා තිබේ.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID විසින් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවිය ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් රැසක් ද මේ වන විට අක්‍රීය කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ USAID ව්‍යාපෘති ආරම්භය
1961 වසරේ සිට සෞඛ්‍ය, අධ්‍යාපනය සහ තාක්ෂණික පුහුණුව, කෘෂිකාර්මික සහ ජීවනෝපාය සංවර්ධනය, පරිසරය සහ ස්වභාවික සම්පත් කළමනාකරණය, පළාත් පාලනය, මානුෂීය ආධාර සහ පශ්චාත් යුද සමයේ සංක්‍රාන්තික යුක්තිය වැනි ක්ෂේත්‍රවල ඇමෙරිකාවේ සහය දක්වන වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විය.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ශ්‍රී ලංකා ෆේස්බුක් පිටුවේ දක්වා ඇති ආකාරයට එම වැඩසටහන විසින් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන එහි ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 350ක් (දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක්) පිරිනමා තිබේ.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය මෙරට රජයේ මෙන් ම රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍ය ආධාර සැපයීම සිදු කළේ ය.
'ග්‍රාමීය මට්ටමට විශාල බලපෑමක් එල්ල වේවි'
ඇමෙරිකාව විසින් විදේශ රටවලට ලබා දෙනු ලබන ආධාර අත්හිටුවීමත් සමග මෙරට ග්‍රාමීය මට්ටමේ ජනතාවට එයින් ඇති වන බලපෑම විශාල බව වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ ය.
''මේ පාරත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයට පත්වීමත් එක්ක සිදුකරන සමාජීය සහ ආර්ථික පරිවර්තනයන් ගැන හැමෝගෙ ම අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂයෙන් රිපබ්ලිකන් අපේක්ෂකයෙක් ජනාධිපති වුණා ම තමන්ගේ රට පළමු කොට හිතනවා කියලා. ඒ නිසා කැනඩාව, චීනය, මෙක්සිකෝව වගේ රටවල්වලට තීරු බදු පැනවීම පවා සිදුකරලා තියෙනවා.''
''ඒ වගේ ම ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා අනෙක් පැත්තෙන් කියනවා තමන්ගේ රටින් අනික් රටවලට කරපු ආධාරවල කපා හැරීමක් කරන්න කියලා. මේක තමයි තමන්ගේ රට ගැන හිතනකොට තමන්ගේ රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය අඩු කරන්න ගන්නා උපාය මාර්ග.''
''අවසානයේදී ලංකාව වගේ රටකට ඒක බලපාන ආකාරය ගැන බැලුවොත්, පවතින ආර්ථික අර්බුදයත් එක්ක අපි විශාල වශයෙන් විදේශ රටවල්වලින් ආධාර උපකාර බලාපොරොත්තු වුණා. USAID වැනි ආයතන හරහා ඇමෙරිකාව ලංකාවට විශාල වශයෙන් විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ආධාර ලබා දීම සිදුකර තියෙනවා. ඒ හරහා යුද්ධයෙන් පස්සේ සිදුකරපු සංවර්ධන ක්‍රියාවලීන්, ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවීම වගේ වැඩකටයුතු රැසක් මේ හරහා සිද්ධ වුණා.''
''ඒ වගේ ම රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම සහ රාජ්‍ය අංශය හා සම්බන්ධ ව්‍යපෘතිවලටත් ඇමෙරිකාවෙන් ආධාර ලැබුණා, USAID ඇතුළු විවිධ ආයතන හරහා. දැන් නව ජනාධිපතිවරයාගේ මේ තීරණයත් එක්ක ලංකාවට විශාල බලපෑමක් එල්ල කරන්න පුළුවන්. මේක ලංකාවට විතරක් නෙමෙයි ඇමෙරිකාව හරහා ආධාර ලබා ගත්ත රටවල් රැසකට මේ තත්ත්වය බලපානවා.''
''රාජ්‍ය නොවන සංවිධාන ගැන අපේ බහුතරයකට තිබ්බේ ඍණ ආකල්පයක්. නමුත් මේ සංවිධාන යුද්ධයෙන් පස්සේ ග්‍රාමීය මට්ටමෙන් සිදුකරපු දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් වගේ ම ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවන්න විශාල වැඩකොටසක් කළා. පවතින අලුත් තත්ත්වය එක්ක ඒ වැඩසටහන් නතර වෙන නිසා ඒකේ බලපෑම ලොකුවට දැනේවි," මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
BBC සිංහල
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.