ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය අවසන් වී 2024 වර්ෂයට වසර 15 ක් ගතව තිබේ. වසර ගණනාවක සිට උතුර සහ නැගෙනහිර ජනතාවගේ මෙන්ම උතුරේ දේශපාලනඥයින්ගේ ප්‍රමුඛ ඉල්ලීමක්ව පැවතියේ ආරක්ෂක අංශ සතුව ඇති උතුර සහ නැගෙනහිර ජනතාවගේ ඉඩම් නැවත මුල් පදිංචිකරුවන්ට මුදා හැරීමය. කෙසේ වෙතත් දේශීය සහ ජාත්‍යන්තර ඉල්ලීම් හමුවේත් වසර 15 ක් පුරා අතිශය මන්දගාමීව පැවති මෙම ක්‍රියාදාමය හදිසි පිබිදීමකින් මේ වන විට සිදුවෙමින් ඇත.

උතුරු පළාතේ පැවති ආරක්ෂක සේනා මූලස්ථාන අතුරින් ප්‍රධාන ආරක්ෂක සේනා මූලස්ථාන දෙකක් මේවන විට ඉවත් කර තිබේ.

 

ඒ අනුව කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය හා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යන නම් ඉවත් කර‍ කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය සතුව පැවති කඳවුරු කොටසක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත හා තවත් කොටසක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පවරා දී ඇත.

 

වන්නි ආරක්ෂක සේනා ආඥාපති ලෙස මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර කටයුතු කරන අතර යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කරන්නේ මේජර් ජෙනරාල් MGWWWMCB වික්‍රමසිංහ ය.

 

යුද්ධය හේතුවෙන් වසර 40 කට වැඩි කාලයක් උතුරු නැගෙනහිර පළාත් තුළ ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට අයත් කඳවුරු විශාල සංඛ්‍යාවක් ස්ථාපිත කර තිබුණි.
යුද්ධය හේතුවෙන් වසර 40 කට වැඩි කාලයක් උතුර සහ නැගෙනහිර පළාත් තුළ ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට අයත් කඳවුරු විශාල සංඛ්‍යාවක් ස්ථාපිත කර තිබුණි.

 

යුද්ධය හේතුවෙන් වසර 40 කට වැඩි කාලයක් උතුර සහ නැගෙනහිර පළාත් තුළ ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට අයත් කඳවුරු විශාල සංඛ්‍යාවක් ස්ථාපිත කර තිබුණි

 

එම ආරක්ෂක අංශ කඳවුරු හේතුවෙන් සිය මුල් ඉඩම් අහිමි වු විශාල පිරිසක් තවමත් අභ්‍යන්තරව අවතැන්ව හෝ විවිධ ස්ථානවල තාවකාලිකව වාසය කරමින් සිටිති.

 

යුද්ධයේ ආරම්භක අවධියේ සිට උතුරු පළාතේ සිවිල් වැසියන් බහුතරයකට සිය ඉඩම් අහිමිව තිබු අතර යාපනය පලාලි, කන්කසන්තුරය, පේදුරුතුඩුව, කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල ජනතාවගෙන් වැඩි පිරිසකට සිය ඉඩම් අහිමිව තිබු අතර ඇතැම් ස්ථානවල ඉඩම් අක්කර සිය ගණනක් ආරක්ෂක අංශ කඳවුරු වෙත පවරාගෙන තිබුණි.

 

screenshot-2024-06-18-at-193001.png
screenshot-2024-06-18-at-193031.png

උතුරු පළාතේ යුද හමුදාව සතුව ඇති ඉඩම් ප්‍රමාණය කොපමණ ද?

 

යුද ගැටුම් හේතුවෙන් උතුරු පළාත තුළ වැඩිම කඳවුරු ප්‍රමාණයක් යුද හමුදාව විසින් ස්ථාපිත කොට තිබු අතර, 2009 වසර වන විට උතුරු පළාත තුළ ඉඩම් අක්කර 73016.50 ක් ද නැගෙනහිර පළාත තුළ ඉඩම් අක්කර 12236.69 ක්ද යුද හමුදා කඳවුරු ස්ථාපිත කිරීම වෙනුවෙන් යොදාගෙන තිබු බව හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණය කළේය.

 

යුද හමුදාව සතුව පැවති උතුරු පළාතේ ඉඩම් තුළින් වර්තමානය වන විට අක්කර 63187.91 ක් නිදහස් කර ඇත.

 

උතුරු පළාත තුළ තවමත් යුද හමුදාව සතුව නිදහස් කිරීමට ඉඩම් අක්කර 9828.67 ක ප්‍රමාණයක් පවතින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර බීබීසී සිංහල වෙත පැවසීය.

 

එලෙසම නැගෙනහිර පළාත තුළ යුද හමුදාව සතුව පැවති ඉඩම් තුළින් 2024 වසර වන විට ඉඩම් අක්කර 8772.62 ක් නිදහස් කර ඇති බවත් නැගෙනහිර පළාත තුළ තවමත් ඉඩම් අක්කර 3464.07 ක ප්‍රමාණයක් නිදහස් කිරීමට ඇති බවත් ඔහු සඳහන් කළේය.

 

2009 වසර වන විට යුද හමුදා කඳවුරු ස්ථාපිත කිරීම වෙනුවෙන් උතුරු පළාතෙන් පවරාගත් ඉඩම් වලින් 86.54 % ක් මේ වන විට නිදහස් කර ඇති අතර තවත් 13.46% ක් නිදහස් කිරීමට නියමිතය.

 

2009 වසරේ නැගෙනහිර පළාත තුළින් යුද හමුදා කඳවුරු ස්ථාපිත කිරීමට පවරාගත් ඉඩම් තුළින් 71.70 % ප්‍රමාණයක් මේ වන විට නිදහස් කොට ඇති අතර නැගෙනහිර පළාතේ තවත් 28.30% ක ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට නියමිත බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

 

නිදහස් කිරීමට ඇති ත්‍රිවිධ හමුදාව භාරයේ ඇති ඉඩම් ප්‍රමාණය කොපමණ ද?

 

යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව යන ත්‍රිවිධ හමුදාවන් වෙනුවෙන් පවරාගත් ඉඩම් තුළින් කොපමණ ඉඩම් ප්‍රමාණයක් තවමත් නිදහස් කිරීමට පවතින්නේද යන්න සම්බන්ධයෙන් ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ‍ජෙනරාල්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත්ගෙන් බීබීසී සිංහල විමසීමක් කළේය.

 

‘ත්‍රිවිධ හමුදා වෙනුවෙන් යුද්ධයේ ආරම්භයේ සිට පවරාගත් ඉඩම් තුළින් මේ දක්වා ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කරලා තිබෙනවා.’ ත්‍රිවිධ හමුදාව සතුව තවත් ඉඩම් අක්කර 27,496.72 ක් නිදහස් කිරීමට පවතින බවද නලින් හේරත් සඳහන් කළේය.

 

ඉන් වැඩි ප්‍රමාණයක් ක්‍රමානුකූලව නිදහස් කිරීමට නියමිත අතර ඒ සඳහා වන ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද ඔහු පැවසුවේය.

 

උතුරු පළාතේ කොපමණ ආරක්ෂක කඳවුරු සංඛ්‍යාවක් ඉවත් කර තිබේද ?

 

ගතවු වසරක කාලය තුළ උතුරු පළාතේ කොපමණ ආරක්ෂක අංශ කඳවුරු සංඛ්‍යාවක් ඉවත් කර තිබේද? යන්න ගැන උතුරු පළාතේ සිටින යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් බීබීසී සිංහල විමසීමක් කළේය.

 

ඔහු සඳහන් කළේ, ගතවු කාලය තුළ උතුරු පළාතේ පැවති ආරක්ෂක සේනා මූලස්ථාන අතුරින් ප්‍රධාන ආරක්ෂක සේනා මූලස්ථාන දෙකක් ඉවත් කර ඇති බව ය.

 

යුද සමයේ යාපනය, කිලිනොච්චිය, වන්නි හා මුලතිව් යනුවෙන් ප්‍රධාන ආරක්ෂක සේනා මූලස්ථාන හතරක් උතුරු පළාත තුළ ක්‍රියාත්මක විය.

 

එහෙත් මේවන විට ඉන් ප්‍රධාන ආරක්ෂක සේනා මූලස්ථාන දෙකක් ඉවත් කර තිබේ. ඒ අනුව කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය හා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යන නම ඉවත් කර කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය සතුව පැවති කඳවුරු කොටසක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත හා තවත් කොටසක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පවරාදී ඇතැයි ඔහු අනාවරණය කළේය.

 

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යන නම ඉවත් කර අදාළ කඳවුරු මේ වන විට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පවරා දී තිබේ.

 

වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශය දඹුල්ලේ සිට කිලිනොච්චිය හරහා උතුර දක්වාත්, පළල් සීමාව තලෙයිමන්නාරම සිට පුල්මුඩේ දක්වාත් විහිදේ.

 

‘මේ යටතේ ප්‍රධාන ආරක්ෂක සේනා ආඥාපති තනතුරු දෙකක් උතුරු පළාතෙන් ඉවත් කරලා තිබෙනවා.යුද සමයේ ආරක්ෂක හේතුන් මත සිවිල් ජනතාවගේ ඉඩම් පවරාගෙන සකස් කරලා තිබුණ කඳවුරු රැසක් මේ වන විට ඉවත් කරලා තිබෙනවා. කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල කුඩා කඳවුරු රැසක් ඉවත් කරලා තිබෙනවා.’ නම හෙළි කිරීමට අකමැති වූ අදාළ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා සඳහන් කළේය.

 

‘යාපනය පලාලි ආරක්ෂක සේනා මූලස්ථාන සීමාවට අයත්ව තිබු කුඩා කඳවුරු ඉවත් කරලා ඒ කඳවුරු පැවති සිවිල් ජනතාවගේ ඉඩම් මේ වන විට සිවිල් ජනතාවට ලබාදෙමින් තිබෙනවා.’ ඔහු පැවසීය.

ආරක්ෂක අංශ සතුව පැවති සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම වෙනුවෙන් කුඩා හමුදා කඳවුරු ඉවත් කර ඇති අතර ඒම කුඩා කඳවුරුවල සිටි භට පිරිස් ප්‍රධාන කඳවුරුවලට අනුයුක්ත කර තිබේ.
ආරක්ෂක අංශ සතුව පැවති සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම වෙනුවෙන් කුඩා හමුදා කඳවුරු ඉවත් කර ඇති අතර එම කුඩා කඳවුරුවල සිටි භට පිරිස් ප්‍රධාන කඳවුරුවලට අනුයුක්ත කර තිබේ.

 

කඳවුරු ඉවත් කිරීම ආරක්ෂාවට තර්ජනයක්ද?

 

ආරක්ෂක අංශ සතුව පැවති සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම වෙනුවෙන් කුඩා හමුදා කඳවුරු ඉවත් කර ඇති අතර එම කුඩා කඳවුරුවල සිටි භට පිරිස් ප්‍රධාන කඳවුරුවලට අනුයුක්ත කර තිබේ.

 

‘කුඩා කඳවුරු ඉවත් කළත් ආරක්ෂක අංශවල සේනාව හා ආරක්ෂක විධිවිධාන අවම කරලා නෑ. ඕනෑම ත්‍රස්ත ප්‍රහාරයකට සුදානමින් ආරක්ෂක අංශ නිරතුරුව ක්‍රියා කරනවා.’

 

‘දැනට ඉවත් කොට තිබෙන කුඩා කඳවුරු ඉවත් කිරීම ආරක්ෂාවට ගැටළුවක් නොවන ලෙස අධ්‍යයනයන් කරලා තමයි ඉවත්කරලා තිබෙන්නේ’ යනුවෙන් යුද හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය අවධාරණය කළහ.

 

උතුරේ ආරක්ෂක අංශ කඳවුරු ඉවත් කිරීම හොඳයිද?

 

උතුරු පළාතේ යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සතු කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් වවුනියාව ප්‍රදේශයේ පදිංචි එන්.මනෝහරන්ගෙන් බීබීසී සිංහල විමසීමක් කළේය.

 

‘දැන් යුද්ධයක් නෑ. යුද්දේ ඉවරවෙලත් අවුරුදු 15 ක් විතර ගතවෙලා තිබෙනවා. යුද්ධයක් නැති නිසා අනවශ්‍ය කඳවුරු ඉවත් කිරීම හොඳයි. මොකද ඔය හමුදා කඳවුරු බොහෝ ප්‍රමාණයකන් සිවිල් ජනතාවගේ ඉඩම්වල තමයි තිබුණේ.’

 

‘ඒ ඉඩම්වල අයිතිකාරයෝ දැන් වෙන වෙන තැන්වල ජිවත්වෙනවා. යුද්ධය නැති නිසා සිවිල් ජනතාවගේ ඉඩම්වල තිබෙන කඳවුරු ඉවත් කරලා, ඒ ඉඩම් සිවිල් ජනතාවට ලබාදුන්නොත් හොඳයි.’

 

‘ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය කඳවුරු ඉවත් කරන්න කියලා අපි ඉල්ලන්නේ නෑ. හැමතැනම තිබුණ කුඩා කුඩා කඳවුරු ඉවත් කරන එක ගැටළුවක් නොවෙයි කියලා තමයි අපිට හිතෙන්නේ.’ඔහු පැවසීය.

 

‘ඉඩම් නිදහස් කිරීමට ආණ්ඩුවට සැලසුමක් නෑ’

 

උතුරු පළාතේ සිවිල් වැසියන්ගේ ඉඩම් තවමත් මුළුමනින්ම නිදහස් නොකිරීම සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නීතිඥ භවානි ෆොන්සේකාගෙන් බීබීසී සිංහල විමසීමක් කළේය.

 

‘දැන් යුද්දේ ඉවරවෙලා අවුරුදු 15 ක් ගතවෙලා තිබෙනවා. ඒත් තවමත් උතුරු හා නැගෙනහිර පළාත්වල සිවිල් ජනතාවගේ ඉඩම් විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශ සතුව තිබෙනවා.සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කරදෙන ලෙසට ඉල්ලා පුද්ගලයින් කිහිපදෙනෙක් ‍ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා නඩු ගොනු කරලා තිබෙනවා.’

 

‘ආරක්ෂක අංශ පවරාගෙන තිබෙන ඇතැම් සිවිල් වැසියන්ගේ ඉඩම්වල ආරක්ෂක අංශ විසින් වගාවන් කරලා ප්‍රතිලාභ ලබාගන්නවා.ඒත් ඒ ප්‍රතිලාභ ඉඩම් අයිතිකරුවන්ට හිමිවෙන්නේ නෑ.ඒක ගැටළුකාරි තත්වයක්.’ ඇය පැවසුවාය.

 

‘යුද්ධය ඉවරවෙලා අවුරුදු 15 ක් ගතවුණත් සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් නොකිරීම ගැටළුවක්.ආරක්ෂක අංශ සතුව තිබෙන ඉඩම් නිදහස් කිරීමට ආණ්ඩුවට සැලසුමක් නෑ.සිවිල් ජනතාවගේ ඉඩම් ආරක්ෂක අංශ වෙත පවරා ගත්තත් මේ දක්වා සිවිල් වැසියන්ට වන්දි ලබාදීමක් කරලා නෑ. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමුකරන්න ඕනේ.’

BBC සිංහල

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.