හෙට ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක්
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
මෙම දුරකථන සංවාදය අතරතුර, ඉරාන විදේශ අමාත්‍යවරයා විසින් IRIS Dena නෞකාවේ නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහයන් සහ IRIS Dena නෞකාවේ කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් ඉරාන නාවික නිලධාරීන්ගේ මළ සිරුරු ඉරානයට ආපසු භාරදීමට සහාය වීම පිළිබඳව කෘතඥතාව පළ කළ බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය පවසයි.
අමෙරිකා එක්සත් ජනපදය විසින් IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය පෙර නොවූ විරූ යුධ අපරාධයක් ලෙසත් මෙය ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලික නීති සහ 1949 ජිනීවා සම්මුතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, මෙම අපරාධය ඉරානය කිසිදා අමතක නොකරන බවත්, අපරාධකරුවන් සහ වගකිව යුතු පිරිස වගකිව යුත්තන් බවට සහතික කර ඔවුන් නීතිය හමුවට පමුණුවා ගැනීමට සියලු නීතිමය සහ දේශපාලනික ක්‍රම භාවිතා කරන බවත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මෙහිදි අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, අමාත්‍ය අරග්චි සහ අමාත්‍ය විජිත හේරත් ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය වර්ධනයන් පිළිබඳව ද සාකච්ඡා කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන බෙන්තොට, කතරගම, මහියංගණය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන බදු පදනම මත සුදුසු ආයෝජකයන් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.