GMOA වර්ජනය අද උදෑසන 8 සිට
නීතීවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම මත මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණු බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත එම වරද සිදුවීමට ඉඩ නොතබා නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට දායක වීම මෙරට උගතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන් ඇතුළු සියලුදෙනාගේ වගකීම බවද පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තියවේදීන් සහ ව්‍යවසායකයන් සමඟ ඊයේ (02)යාපනය වාලම්පුරි හෝටලයේ පැවති හමුවේදී ය.
''මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් වැඩසටහන යටතේ යම් මට්ටමකට බදු පැනවීමට එකඟ වූ නමුත් ඉන්පසුව පැමිණි රජය මැතිවරණ පොරොන්දුවක් මත බදු අඩු කළා. එය රජයේ ආදායම් අඩුවීමට හේතු වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද එම වැඩසටහනෙන් ඉවත් වුණා. අපට එම වරද නැවත කිරීමට හැකියාවක් නැහැ. රටක් ලෙස ඉදිරියට යන විට අප අපේ දේශපාලන ක්‍රමය ද වෙනස් කළ යුතුයි.
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටේ අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීමට කිසිවෙකු කැමැත්තක් දැක්වූයේ නැහැ. රටේ නායකත්වය භාර ගැනීමට හැකි අයෙකු සොයා ගැනීම ගැටළුවක් බවට පත් වුණා. ජනාධිපතිවරයා ඉවත්ව ගිය පසු මට ද ඉල්ලා අස්වෙන ලෙස පැවසුවත් වගකීම් භාරගැනීමට කිසිවෙක් කැමැති වූයේ නැහැ. ණය ගැනීම සහ හිස් පොරොන්දු මත පවත්වාගෙන ගිය මෙරට ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයේ බිඳවැටීම මෙයින් පෙන්නුම් කෙරෙනවා.''
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නීතීවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.