විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ (9) මාධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න අද (10) පස්වරුවේ පැවසීය.
වර්ජනයට බලපෑම් කර මර්දනය කිරීමට ගන්නා උත්සහයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු පවසන්නේ.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් ඉටුකිරීම ඉවත දමා අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට මුවාවී ස්ථානාධිපතිවරු සේවය හැර යෑමේ නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් ඒ හේතුවෙන් මේ වන විට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරු හිටපු ස්ථානාධිපතිවරු බවත් ඔහු පැවසීය.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ උතුර දකුණ නොදැන කටයුතු කරන බව කී ඔහු දුම්රිය ස්ථානාධිපතිවරු 922 ක නොමැතිව දුම්රිය ධාවනය කරන ආකාරය පිළිබඳව බලාසිටින බව ද සඳහන් කළේය.
මේ අතර වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල ආරක්‍ෂාව සඳහා යුද්ධ හමුදා භටපිරිස් යොදවා තිබේ.
ඒ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් යුද්ධ හමුදාධිපතිගෙන් කළ ඉල්ලීමකට අනුවයි.
එම ඉල්ලීමට අනුව යුද්ධ හමුදාධිපති විසින් ආරක්‍ෂක සේනා අඥාපතිවරුන් හට උපදෙස් ලබාදි තිබු අතර මධ්‍යම අඥාපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ එම බල ප්‍රදේශ තුල පිහිටි නුවර, කටුගස්තොට, මාතලේ, ප්‍රරාදෙණිය, ගම්පොළ, නාවලපිටිය, හැටන්, වටවල, කොටගල, තලවකැලේ, නානුඔය, අඹේවෙල, පුත්තලම, හලාවත, මාදම්පෙ, නාත්තණ්ඩිය, අලව්ව, පොල්ගහවෙල, කුරුණෑගල, මහව ඇතුළුව දුම්රිය ස්ථාන 45 ක ආරක්‍ෂාව සඳහා යුද්ධ හමුදාවේ හට පිරිස් යොදවා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.