යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.

යුරේනි මීට අවුරුදු ගණනාවකට කලින් බොලිවුඩයේ කරපු වැඩක් ගැන Sushmi Mihara Premachandra බුකියේ තිබ්බ සටහනකට යුරේනි ප්‍රතිචාර දක්වලා තිබ්බේ මෙන්නේ මේ විදියට,

511142704-689249640769885-6338753304713584482-n.jpg

 

"මේ සටහන මම අදුරන මල්ලි කෙනෙක් share කලාම මට සටහනක් තියන්න හිතුනා . ස්තූති ඔයාලට තාමත් මගෙ අතීතයේ ලංකාවේ නම බබලවන්න කරපු වැඩ මතක තිබ්බට මම media වලට කියපු නැති ගොඩාක් projects තිබුනා. Ladys Vs Ricky Bahl film එකේ Parineeti Chopra ගේ role එකට මම audition කළා. ඓ තමයි Ranveer Singh Anushka Sharma ගේ දෙවෙනි film එක Yash Raj label එක යටතේ. සහ Parineeti field එකට එන්නේ එ film එකෙන්.මට තාම මතකයි Yash Raj studio එකට white skinny එකයි blue denim එකයි ඇදගෙන මම ගියේ . අවාසනාවකට එ charachter මට ලැබුනේ නැහැ. Parineeti ගේ ෆිල්ම්ස් බලපු හැමවෙලාවකම මට හිතුනේ අනේ මට අද එතන ඉන්න තිබුනනම් කියල. ඊට පස්සෙ මාව select වෙනවා UNGLI කියලා Emraan Hashmi ප්‍රධාන චරිතය කරන film එකේ Item song එකක් කරන්න . එක සියල්ල confirm වෙලා තියෙද්දි Shraddah Kapoor ව තෝරගන්නවා . එ තමයි 2010 Shraddha ගේ Bollywood වල ආරම්භය . මට ආරංචිය ආවම මම එදා හොදටම ඇඩුවා . ඉන්දියාවෙ මගේ යාලුවෝ එ වෙලාවෙ කිව්ව Bollywood කියන්නේ එක රෑකින් කෙනෙක්ව replace කරන industry එකක් . එක නිසා මේවා සාමාන්‍ය දේවල් කියලා. ඊට අමතරව මට B grade C Grade ෆිල්ම් මට ආවත් එවා මම ප්‍රාතික්ෂප කලේ මට එ projects කරලා හොද ස්ථාවට ගමනක් යන්න බැරි නිසයි.

511278370-689249690769880-632542494223103699-n.jpg

දැන් West side එකට එමු . Justin Lin Bruce lee ගේ දුවත් එක්ක එකතුවෙලා කරපු  'Warrior' TV Series එකේ Season 3 එකේ ප්‍රධාන character එහෙකට මම audition කලා. Justin Lin කියන්නේ Fast & Furious 3&5 ,Star Trek Beyond කරපු Director. මේ Audition එක මට ආවම මට මෙහෙන් මේක professional විදිහට film කරලා යවන්න උදවි කල මහේෂ් මුණසිංහ අපේ ආදරණීය චිත්‍රපට Director ව මම මේ වෙලාවෙ මතක් කරනවා. එයාලා මගේ Audution එක select කරගෙන මට ආයිමත් American Accent එහෙකින් audition එක කරලා එවන්න කිව්වා. මට American Accent එකක් නැති බවත් accent training කරන්න කාලය මදි බවත් දන්න නිසා මම එයාලගේ කාලේ නාස්ති කරන්නේ නැතුව කිව්ව මට American Accent එකකින් audition එක දෙන්න අමාරුබව .එතනින් Justin Lin එක්ක වැඩ කරන්න තිබ්බ හීනෙට තිත වැටුනා:)

ඊට පස්සේ මට එනවා Bridgerton TV series එකේ Audition එකක් . මොකද එයාලා ප්‍රධාන චරිතයට South Asian girl කෙනෙක් හෙව්වා. එ Audition එක කරල යවන්න මට උදවු කලේ අපේ 360 production house එකේ මගේ ආදරනීය මිත්‍රයෙක් සමින්ද. එකෙන්නම් Select වුනේ නැහැ . මේ දේවල් මෙහෙම බෙදාගන්න හිතුනේ මම මේ රටේ සිනමාව මේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න දරපු පුංචි උත්සහය ඔයාල දැනගන්නවනම් හොදයි කියලා හිතපු නිසා. නැතුව පන්පොරියකට නෙමෙයි .මේ දේවල් වෙලා ගොඩාක් කල් දැන් 
මම දකිනවා සමහර නිලියන් ඉන්දියාවෙ ගිහින් එනවා සහ ඇවිල්ල මම මේ සිංදුව කළා මේ චිත්‍රපටය කලා කියලා කියන්වා . හැබැයි අපි ජීවිතේටවත් ආසාවකටවත් එ කියන වැඩක් දැකලා නැහැ. අපේ media ඉන්දියානු සිනමාවත් ඔබ ජය අරගෙන තියෙනවා කියලා උඩ දානවා. අපේ මිනිස්සුත් ඇන්දෙනවා. ඊට පස්සෙ අඩි 10 උඩින් යනවා. එවැනි නිළියන්ට කියන්න තියෙන්නේ තමන්ගේ ඇග නෙමෙයි රට විකුණාලා එන්න කියන එක තමයි  

පොඩි දුකකට තියෙන්නේ මේ රටේ මට අවස්ථාවන් ලැබුනේ නැති තරම්. මට ලැබුණු සියලු චරිතවලට මම උපරිම සාධාරණයක් කලා කියලා මම හිතනවා සහ මේ රටේ ප්‍රේක්ෂකයන් ආදරයෙන් එ නිර්මාණ වැලදගත්තා . එ ආදරයට ස්තූති මම නිර්මාණ කලත් නැතත් මට හදවතින්ම සුභ පතන මේ රටේ සියලු ප්‍රෙක්ශයින්ට ආදරෙයි." 

 

yureni-note.JPG