ආපදා තත්ත්වයන්හිදී භාවිතා කිරීම සඳහා, අමෙරිකා එක්සත් ජනපදය විසින් හෙලිකොප්ටර් යානා 10ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් පවසයි.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ, TH-57 (Bell 206 Sea Ranger) වර්ගයට අයත් මෙම හෙලිකොප්ටර්, ටෙක්සාස් ප්‍රාන්තයේ නිෂ්පාදනය කර ඇති යානා බවය.

මෙම හෙලිකොප්ටර්, Excess Defense Articles (EDA) වැඩසටහන යටතේ, උපකරණ සඳහා කිසිදු වියදමක් නොමැතිව ශ්‍රී ලංකාවට හුවමාරු කෙරෙන අතර, 2026 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට ගෙන ඒමට අපේක්ෂා කෙරේ.

‘දිට්වා’ සුළි කුණාටුව වැනි ස්වාභාවික ආපදාවන්හිදී, පුද්ගල සෙවීම් හා ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර්වල ඇති අත්‍යවශ්‍ය භූමිකාව තානාපතිවරිය විසින් ආධාරණය කර ඇත.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.