බදුල්ලේ සියලු පාසල්වලට අද පෙ.ව 11ට නිවාඩු
බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් සිදුකර තිබේ.
ආපදා තත්ත්වයන්හිදී භාවිතා කිරීම සඳහා, අමෙරිකා එක්සත් ජනපදය විසින් හෙලිකොප්ටර් යානා 10ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් පවසයි.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ, TH-57 (Bell 206 Sea Ranger) වර්ගයට අයත් මෙම හෙලිකොප්ටර්, ටෙක්සාස් ප්‍රාන්තයේ නිෂ්පාදනය කර ඇති යානා බවය.
මෙම හෙලිකොප්ටර්, Excess Defense Articles (EDA) වැඩසටහන යටතේ, උපකරණ සඳහා කිසිදු වියදමක් නොමැතිව ශ්‍රී ලංකාවට හුවමාරු කෙරෙන අතර, 2026 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට ගෙන ඒමට අපේක්ෂා කෙරේ.
‘දිට්වා’ සුළි කුණාටුව වැනි ස්වාභාවික ආපදාවන්හිදී, පුද්ගල සෙවීම් හා ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර්වල ඇති අත්‍යවශ්‍ය භූමිකාව තානාපතිවරිය විසින් ආධාරණය කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් සිදුකර තිබේ.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකිය.