පුවත්

වාහනවල දේශපාලන දැන්වීම් ප්‍රදර්ශනය වරදක්

වාහනවල දේශපාලන දැන්වීම් ප්‍රදර්ශනය වරදක්

වාහනවල දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් අලවාගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.

ලෝක වාර්තාවක් තබමින් 'දුලාන්' පැරා ඔලිම්පික් රිදී පදක්කමක් දිනයි

මෙවර පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නියෝජනය කළ සමිත දුලාන් F 64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත්ව තිබේ.

Read More

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ඉක්මවූ වැසි

අද (03) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වැඩියෙන් වියදම් කළොත් ධුරයයි ප්‍රජා අයිතියයි දෙකම අහිමියි - මැකො

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමිවෙනවා මෙන්ම අපේක්ෂකයාගේ ප්‍රජා අයිතියද වසර තුනක් සඳහා අහෝසි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

Read More

බස් ගාස්තු අඩු වෙයි ද? තීන්දුව අද

ඉන්ධන මිළ පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේද? නැද්ද? යන්න පිළිබඳව අද(02) ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

Read More

නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළියට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද(02) එළි දැක්වීමට නියමිතව තිබේ.

Read More

සජිත්ට සහය දෙන බවට ප්‍රකාශය ITAK පක්ෂ නායකත්වය ප්‍රතික්ෂේප කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) වව්නියාවේ පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමකදී අද (01) තීන්දු කර ඇතැයි පක්ෂයේ ඉහළ පෙලේ මන්ත්‍රීවරයකු කරන ප්‍රකාශය පක්ෂ නායකත්වය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

ITAK සහය සජිත්ට

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය ලබාදීමට තීරණය කර ඇත.

Read More

සචිත්‍රා හර්ෂනී ලෝක මලල ක්‍රීඩා තරගාවලියක දී රිදී පදක්කමක් දිනාගනී

පසුගියදා ස්වීඩනයේ පැවති ලෝක මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී (2024 World Masters Athletics Championships) කාන්තා වයස අවුරුදු 40-44 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්වෙනන් රිදී පදක්කමක් දිනා ගැනීමට සචිත්‍රා හර්ෂනී ජයකාන්ත සමත් වූවාය.

Read More