ඕමානයේ දී මුහුදු බත්වූ නෞකාවේ සිටි ලාංකිකයින් තිදෙනෙක් ඇතුළු කාර්ය මණ්ඩලය අතුරුදන්
කොමොරෝස් දුපත් ධජය යටතේ යාත්‍රා කළ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් (ජුලි 16 වැනිදා) ඕමාන මුහුදේදී අනතුරට ලක්වීමෙන් එහි සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු ගෙන් යුත් කාර්ය මණ්ඩලය අතුරුදන්ව ඇති බව ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය නිවේදනය කර සිටියි.