ප්‍රමිතියකින් තොර ඖෂධ අලෙවි සැල් 82ක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
මැදපෙරදිග ගැටුම් වර්ධනය වුනොත් සියලු ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමට විශේෂ වැඩපිළිවෙලක් සූදානම් කර තිබෙන බවත්, ඒ සඳහා ඩොලර් මිලියන 05 කට වැඩි මුදලක් මේ වනවිට වෙන් කර අවසන් බවත් කම්කරු හා විදේශ රැකියා අමත්‍ය මනුෂ නානායක්කාර පවසයි.
අමාත්‍යවරයා මේ බව ඊයේ (02) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගන්න තුරු ආරක්ෂිත ස්ථාන වල තබමින් ඔවුනට අවශ්‍ය සියලු පහසුම් ලබා දීමට සැලසුම් සුදානම් කර තිබෙන බවත්, මැදපෙරදිග කලාපයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳව රජයක් ලෙස නිරන්තරයෙන් සැළකිලිමත් වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මේ වන විට ඊශ්‍රායලයේ පමණක් ශ්‍රී ලාංකිකයින් 12,000 කට වැඩි පිරිසක්, ජෝර්දානයේ 15,000 කට වඩා වැඩි පිරිසක්, ලෙබනන් රාජ්‍යයේ 7,500 ක පමණ පිරිසක් හා ඊජිප්තුවේ 500 ක පමණ පිරිසක් රැකියාවල නිරත වී සිටි.
මුහුදෙන්, ගොඩබිමෙන් හෝ ඕනෑම ආකාරයකින් හැකි ඉක්මනින් ඔවුන් ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. ඒ සඳහා ජනාධිපතිවරයා වෙනම කමිටුවක් ද පත් කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධව දැනුවත් කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් ද ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවට අමාත්‍යවරයා පැවසීය.
මැදපෙරදිග ගැටුම් වර්ධනය වුවහොත් මෙරටට ඩොලර් නොමැති වීමේ ගැටළුවක් ඇති විය හැකි බවත්, මෙරටට අවශ්‍ය තෙල් සහ ගෑස් ගෙන්වීමට කටයුතු කරන්නේ විදෙස් ශ්‍රමිකයින් එවනු ලබන ප්‍රේෂණ වලින් බවත්, එය නොමැති වුවහොත් මෙරටට අර්බුදකාරී ලෙස බලපෑ හැකි බවත් මෙහි දී ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, මේ අවස්ථාවේ දී කලබල නොවන ලෙසත්, හදිසි තීරණ ගෙන දේශ සීමා තරණය නොකරන ලෙසත්, ආරක්ෂාකාරීව වැඩ කටයුතු කරන ලෙසත් විදේශ ශ්‍රමිකයින් වෙත අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අල්ලාගෙන ගස් බැද අද දින මකුළුගස්වැව පොලීසියට භාරදීමට ගල්කිරියාගම හීනුග්ගල ප්‍රදේශයේ තරුණ පිරිසක් ක්‍රියාකොට තිබෙනවා.
පාස්කු ඉරුදින එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව වරදකරුවන් වන අය අතර වත්මන් රජය යටතේ වගකීම් දරන නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව ද නීතිය ක්රියාක්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.