ඉන්දියාවෙන්, පකිස්ථානයේ ස්ථාන කිහිපයකට මිසයිල ප්‍රහාර - අටක් මරුට
ඉන්දියාව පකිස්ථානයේ ස්ථාන 09කට අද (07) අලුයම එල්ල කළ මිසයිල ප්‍රහාර නිසා පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස අද (9) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ඉන්දීය ජනාධිපති මන්දිරය හෙවත් රාෂ්ට්‍රපතිභවන් ඉදිරිපිට පැවැති විශේෂ උත්සවයක දී එරට වේලාවෙන් පස්වරු 7.15ට ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරුණි.
මෝදි දිවුරුම් දීමෙන් පසු ඔහුගේ නව සන්ධාන රජයේ මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනාගේ දිවුරුම් දීම සිදුවිය. එම හැත්තෑ දෙදෙනාගෙන් 30 දෙනකු කැබිනට් ඇමැතිවරුන්ය.
මෙම දිවුරුම් දීමේ උත්සවයට අසල්වැසි කලාපීය රටවල රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ඉන්දීය නළු නිළියන් ඇතුළු 8,000 ක ආරාධිත අමුත්තෝ පිරිසක් සහභාගී වූහ.
දිවුරුම්දීමේ උළෙලට සහභාගී වූ ඉන්දීය නළු නිළියන් අතරේ රජිනි කාන්ත්, ෂාරුක් ඛාන්, අනිල් කපූර් දැකගත හැකි විය.
උත්සවයට සහභාගී වූ අසල්වැසි කලාපීය රටවල රාජ්‍ය නායකයන් අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු සහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා ද වූහ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්දියාව පකිස්ථානයේ ස්ථාන 09කට අද (07) අලුයම එල්ල කළ මිසයිල ප්‍රහාර නිසා පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ.
හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය රැකගැනීම සඳහා විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපටවලට සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
අඟහරුවාදා (අප්‍රේල් 22) පෙහෙල්ගාම්හි සිදු වූ ලේ වැගිරීම, එනම් අවම වශයෙන් සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවූ වෙඩි තැබීම් 2019 වසරෙන් පසු කාශ්මීරයේ සිදු වූ මාරාන්තික ම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස ඉතිහාසයට එක් වනු ඇත.