6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027ට කල්යයි
දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරන්නේ හෙට (21) දින දහවල් 02.00 ට මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැළිය හේතුවෙන් විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව, රැළිය ආරම්භ වන දහවල් 02.00 සිට රැළිය අවසන් වන අවස්ථාව දක්වා, නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටස (ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ඉදිරිපිට මාර්ගය) රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.
එම කාලය තුලදී රියදුරන්ට සහ මහජනතාවට ඇති විය හැකි අපහසුතා මඟහරවා ගැනීම සඳහා පොලිසිය පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම්දෙනු ලබන්නේ.
ඒ අනුව, කොළඹ දෙස සිට හා කොහුවල දෙස සිට නුගේගොඩ නගරය හරහා නාවල දෙසට හා පිටකෝට්ටේ දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දියෙන් වමට කට්ටිය හන්දිය ඔස්සේ මිරිහාන දෙසට හා නාවල දෙසට ගමන් කල හැකියි.
එමෙන්ම, පිටකෝට්ටේ දෙස සිට හා නාවල දෙස සිට නුගේගොඩ නගරය හරහා හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන නාවල වටරවුමෙන් කට්ටිය හන්දියෙන් ගම්සභා හන්දිය හා දෙල්කඳ හන්දියෙන් හයිලෙවල් මාර්ගය දෙසට කල ගමන් කල හැකියි.
තවද, මහරගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ නරගය දෙසට ගමන් කරන වාහන ගම්සභා හන්දියෙන් දකුණට කට්ටිය හන්දිය ඔස්සේ ගමන් කල හැකියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
කිසිම කාරණයක් නිසා ජනවරම පාවා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසීය.