Tomorrowland ගිනිගනී
බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රසංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම ගිනිබත් වී තිබේ.
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ කම්චට්කා අර්ධද්වීපය ආසන්නයේ හටගත් ප්‍රබල භූමිකම්පාවෙන් "පැසිෆික් වෙරළ තීරයේ න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව කෙරෙහි කිසිදු බලපෑමක් සිදුකර නොමැති" බව, මූලික වාර්තාවලින් පෙනීයන්නේ යැයි එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය පවසයි.
මැග්නිටියුඩ් 8.8ක් ප්‍රබල භූමිකම්පාව බදාදා (ජූලි 30) එරට වේලාවෙන් රාත්‍රී 11:25ට පමණ හටගෙන තිබුණි.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය නිවේදනය කරන්නේ භූමිකම්පාව සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ සුනාමියේ තත්වය සම්බන්ධයෙන් ජපාන බලධාරීන් සමඟ තොරතුරු හුවමාරුවේ යෙදෙන බවයි.
භූමිකම්පාව හටගැනීමෙන් පසු ජපාන බලධාරීන් දැඩි අවධානයෙන් පසුවන අතර, ෆුකුෂිමා ඩයිචි සහ ෆුකුෂිමා ඩයිනි න්‍යෂ්ටික බලාගාරවල සේවකයන්ට සේවා ස්ථානවලින් වහාම ඉවත් වන ලෙසට ද දැනුම් දී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රසංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම ගිනිබත් වී තිබේ.
සෑම පුද්ගලයකුටම තමන්ගේ රූපය, මුහුණේ හැඩහුරුකම් සහ කටහඬ සඳහා අයිතියක් ඇති බව සහතික කිරීම පිණිස, උත්පාදක කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කෙරෙන AI ඩීප්ෆේක්ස්වලට අදාලව ප්‍රකාශන හිමිකම් නීති දැඩි කිරීමට ඩෙන්මාර්කය කටයුතු කරමින් සිටියි.
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.