සල්ලිවලට, ගජමිතුරුකම්වලට පිරිමි රිංගවන 25% කාන්තා කෝටාවේ හිදැස් | අභිෂේකා වාසල බණ්ඩාර
"මම අහන්නේ ඇයි මට මෙහෙම කරන්නේ කියලා. අපි දේශපාලනය කළේ ලොකු කැපවීමක් කරලා. මට මරණ තර්ජන එනවා නොදන්න අංකවලින් කතා කරලා. මාව බය කරන්න එක එක දේවල් කියනවා. රෑට කෝල් අරන් වද දෙනවා. ජරා විදියට එක එක දේවල් කියනවා. මගේ යාලුවන්ට කතා කරලා මං ගැන වැරදි දේවල් කියලා තියනවා. මම බය නෑ දේශපාලනය කරන්න අද මම මැරුණත් හෙට හරි මේක හැදෙයි කියලා මම හිතනවා."