CLOSE

මෙරට අමෙරිකානු තානාපතිවරිය ඇතුළු රටවල් කිහිපයක අමෙරිකානු තානාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් යළි කැඳවීමට ට්‍රම්ප් පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ "ඇමරිකාව පළමුව" ප්‍රතිපත්ති සඳහා පූර්ණ  වශයෙන් සහාය දක්වන පිරිස් සමඟ විදේශයන්හි එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරය නැවත සකස් කිරීමට ගන්න පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අවම වශයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 29ක අමෙරිකානු තානාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ ධුරකාලය ජනවාරි මාසයෙන් අවසන් වන බවට එරට රජය විසින් පසුගිය සතියේ ඔවුන් වෙත නිල දැනුම්දීමක් සිදුකර ඇත.

එම රටවල්,

අප්‍රිකානු රටවල් 13ක්: බුරුන්ඩි, කැමරූන්, කේප් වර්ඩ්, ගැබොන්, කෝට් ඩි අයිවෝර්, මැඩගස්කරය, මොරිෂස්, නයිජර්, නයිජීරියාව, රුවන්ඩාව, සෙනගල්, සෝමාලියාව සහ උගන්ඩාව.

ආසියා-පැසිෆික් කලාපීය රටවල් හයක්: ෆීජි, ලාඕසය, මාෂල් දූපත්, පැපුවා නිව්ගිනියාව, පිලිපීනය සහ වියට්නාමය

යුරෝපයේ රටවල් හතරක් :ආර්මේනියාව, මැසිඩෝනියාව, මොන්ටිනිග්රෝ සහ ස්ලෝවැකියාව

මැද පෙරදිග : ඇල්ජීරියාව සහ ඊජිප්තුව

දකුණු ආසියාව : ශ්‍රී ලංකාව සහ නේපාලය

බටහිර අර්ධගෝලය :ග්වාටමාලා සහ සුරිනාම්

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.