පකිස්ථානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් : තිදෙනෙක් මරුට
පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරකයන් තිදෙනෙක් එල්ල කළ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් අවම වශයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවත් මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වනු ඇති බවත් ඇමරිකානු ජනපතිවරයා ඒ අනුව පවසයි.
සිය සමාජ මාධ්‍ය සටහනේ අවසානය "දෙවි පිහිටයි ඉරානය, දෙවි පිහිටයි මැදපෙරදිග, දෙවි පිහිටයි අමෙරිකාව සහ දෙවි පිහිටයි ලෝකය" යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
"ලබා ගැනීමට බොහෝ දේ ඇති අතර, ඔවුන් ධර්මිෂ්ඨකමේ සහ සත්‍යයේ මාර්ගයෙන් ඉවත් වුවහොත් අහිමි වීමට බොහෝ දේ ඇත" යැයි සටහන් කරමින් ඔහු එම සටහන අවසන් කර ඇත්තේ ඊශ්‍රායලයේ සහ ඉරානයේ අනාගතය "අසීමිත සහ ශ්‍රේෂ්ඨ පොරොන්දුවලින් පිරී ඇත. ඔබ දෙදෙනාටම දෙවියන් වහන්සේ ගේ ආශීර්වාදය!." යනුවෙනි.
සටන් විරාමයක් නෑ - ඉරානය
කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.
කෙසේ නමුත්, ඔහු පවසන්නේ ඊශ්‍රායල ප්‍රහාර නවත්වන්නේ නම් ඉරානයට ද ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණිය හැකි බවය.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා සිදුකරන බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
එමෙන්ම සියලු ඉරාන වැසියන් සමග එක්ව රට ආරක්ෂා කිරීමට අවසන් ලේ බිංදුව දක්වා සුදානමින් සිටින සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට නිර්භීතව ඉදිරිපත්ව සිටින සන්නද්ධ හමුදාවන්ට තම ස්තූතිය පිරිනමන බව ද විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමේ සටහන් තබා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරකයන් තිදෙනෙක් එල්ල කළ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් අවම වශයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
පසුගිය වසරේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට එරෙහිව දරුණු මර්දනයක් ගෙන යාම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනාට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.
මෙක්සිකෝ අගනුවර පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 120 දෙනෙකු - ඔවුන්ගෙන් 100 දෙනෙකු පොලිස් නිලධාරීන් - තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.