කිසිම කරුණක් නිසා ජනවරම පාවා දෙන්නේ නෑ - ජනපති අනුර
කිසිම කාරණයක් නිසා ජනවරම පාවා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
කෙසේ නමුත් 1 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසර තුළ එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
ප්‍රශ්නගත 6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකළ විමර්ශන වාර්තාව තුළින් ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී කියා සිටියේය.
ඒ අනුව,
1. මානව සම්පත් සංවර්ධනය
2. යටිතල පහසුකම් සංවර්ධනය හා පරිපාලන ප්‍රතිසංස්කරණ
3.තක්සේරු සහ ඇගයීමේ කටයුතු
4. විෂයමාලා සංවර්ධනය
5. මහජන දැනුවත්භාවය හා ප්‍රවර්ධනය යන ප්‍රධාන කුලුනු 5ක් මත අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කිසිම කාරණයක් නිසා ජනවරම පාවා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසීය.
උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.