බංග්ලාදේශ ඇඟලුම් කම්හලක ගින්නකින් 16ක් මරුට
බංග්ලාදේශයේ ඩකා නුවර ඇඟලුම් කම්හලක ඇති වූ විශාල ගින්නකින් අවම වශයෙන් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර, මියගිය පිරිස ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
ඉන්දියාව පකිස්ථානයේ ස්ථාන 09කට අද (07) අලුයම එල්ල කළ මිසයිල ප්‍රහාර නිසා පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මෙම ප්‍රහාර හේතුවෙන් පකිස්ථානයේ පන්ජාබ් පළාතට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ, නිවෙස්වලින් පිටතට ගමන් නොකරන ලෙසයි.
පකිස්ථානයේ කිසිඳු හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල නොකළ බවත්, ඉතාම සුක්ෂමව හඳුනාගත් ත්‍රස්ත ඉලක්කවලට පමණක් මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, ඉන්දීය බලධාරීන් පවසයි.
ඔපරේෂන් සින්දූර් ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම පසුගිය අප්‍රේල් 22 වැනිදා ඉන්දීය කාශ්මීරයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට ඍජු ප්‍රතිචාර දැක්වීමක් බවද , ඉන්දියාව සඳහන් කර තිබේ.
මේ අතර පකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මෙම ප්‍රහාරයට විරෝධය පළකර ඇත.
පකිස්ථාන අගමැතිවරයා සඳහන් කරන්නේ, ඉන්දීය ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවයි, සමස්ත පකිස්ථානයම සිය හමුදාව සමග සිටින බව ද ඔහු අවධාරණය කළේ ය.
ඒ අනුව පකිස්තානය, ඉන්දියාව විසින් පාලනය වන කාශ්මීර ප්‍රදේශයට, කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශයේ ඩකා නුවර ඇඟලුම් කම්හලක ඇති වූ විශාල ගින්නකින් අවම වශයෙන් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර, මියගිය පිරිස ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
දකුණු ඉන්දීය නළු විජේගේ දේශපාලන රැලියක දී ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 39 දෙනෙකු මියගිය සිදුවීමෙන් පසු ඉන්දීය පොලිසිය ඔහුගේ දේශපාලන පක්ෂයේ නායකයන්ට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කර තිබේ.
සැත්කමක් සඳහා රෝගියෙකු නිර්වින්දනය කිරීමෙන් පසු එම රෝගියා සැත්කම් මේසය මත සිටියදීම, හෙදියක් සමඟ ලිංගිකව හැසිරීමට වෙනත් කාමරයකට ගිය වෛද්‍යවරයෙක් ගේ ක්‍රියාව එක්සත් රාජධානියේ වෛද්‍ය විනිශ්චය සභාවක් විසින් විභාග කර තිබේ.