CLOSE

පහුගිය වසර ඇතුලෙදී ආණ්ඩුව ජාතික කුණුහර්ප බලකායක් හදා ඇති බවත් ඒ ගැන ඉතාමත් කණගාටුව ප්‍රකාශ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා ය.

"මම දැක්කා ඊයේ පෙරේදා මේ පහුගිය දවස් හතරෙම රූපවාහිනිය ස්වාධින රූපවාහිනිය ඒ වගේම ලේක් හවුස්  පත්තරවල මාධ්‍ය සදාචාරය බල්ලට දාලා තියෙනවා. මම දැක්කා 2015 ඉඳලා මේ රජයේ මාධ්‍යායතන විරුද්ධ පාර්ශ්වයන්ට මඬගැහීම නවත්තලා තිබ්බා හැබැයි මම දැක්කා පහුගිය දවස් හතරේ ලේක් හවුස් එක අයිටීඑන් එක රූපවාහිනිය හරක් මඬුවක් ගානට වැටිලා. තණකොළ පෙන්නනවා නොයෙකුත් විදිහට. ඉතාමත් පල්ලෙහා මට්ටමකට වැටිලා තියෙනවා මම දැක්කා.

ඒ වගේම තමයි මාධ්‍ය අමාත්‍යංශය ගැන අද අපි කතා කරන නිසා සමාජ මාධ්‍යත් ඒකට එකතු වෙනවා විශේෂයෙන් අපි දකිනවා සමාජ මාධ්‍ය ඇතුලේ මේ පහුගිය අවුරුද්ද ඇතුලේ මම අර එදා කිව්වා වගේ වීරප්පන්ගේ මඩ බලකාය විපක්ෂ නායකතුමාට බහිනවා මට මඩ ගහනවා. මේ ඉන්න අනිත් අයට මඩ ගහනවා මේ මඩගහන කණ්ඩායම මම දැක්කා ඊයේ අර රැස්වීමේදී කතා කරපු නුගේගොඩ රැස්වීමේදී අර තරුණ ගෑණු ළමයෙක් අවුරුදු 25ක විතර තරුණ ගෑණු ළමයෙක් මේ දේශපාලනයේ ඉස්සරහට එන්න හදන තරුණ ළමයි. ගිහිල්ලා බලන්නකෝ ගරු සභාපතිමිය ගහන කුණුහරප ටික. ලැජ්ජයි...! මේවා මේකද වෙනස මේක කරන්නද මිනිස්සු තරුණයෝ පාරට බැහැලා අරගල කරේ මට මඩගහනා අයගෙන් 91%ක් ඒ සවින්ද්‍යා එදිරිමාන්න ඒ තරුණ දුවට අමුතිත්ත කුණුහරප කියනවා. ඒකෙන් තව 80% විතර දයාසිරි මන්ත්‍රීතුමාට කුණුහරප කියනවා ඒකෙන් තව 80% විතර මෙතන පිටිපස්සේ ඉන්න චාමර සම්පත් මන්ත්‍රීතුමාට කුණුහර්ප කියනවා. කාවිද මන්ත්‍රීතුමාට කුණුහරප කියනවා. ආණ්ඩුවට රිදෙන්න අඩුපාඩුවක් පෙන්නුවොත් අන්න මේ අයගේ කුණුහරප බලකාය එළියට පනිනවා. මම කියනවා මේ පහුගිය අවුරුද්ද ඇතුලෙදී මොනවා නැතත් ආණ්ඩුව ජාතික කුණුහර්ප බලකායක් නම් හදලා තියෙනවා අපිට ඒ ගැන ඉතාමත් කණගාටුව මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා."

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.