මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටමකට
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසයි.
රටේ වත්මන් තත්ත්වය ගැන පැහැදිළි කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.
"මැදපෙරදිග ඇතිවෙලා තියෙන යුදමය තත්ත්වයත් එක්ක ලංකාවට පැමිණිලා ඉන්න සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අපේ වගකීමක්. යම් යම් තොරුතුරු අනාවරණය වුණා... ලංකාවට පැමිණි සංචාරයගේ ආරක්ෂාවට යම් බාධා ඇතිවිය හැකියි කියලා."
"ඒ පිළිබද බුද්ධි අංශවලට තොරතුරු ලැබුණා. ඒ තොරතුරු ලැබීමත් එක්ක අපි වහාම ක්‍රියාත්මක වුණා. අදට හරියටම මේ ආණ්ඩුව බලයට පත්වෙලා මාසයයි. මාසය තුළ අවස්ථා කිහිපයකදීම රැස්වුණා."
"තොරතුරු ලැබීමත් සමග විදෙස් සංචාරකයන් වැඩිපුර ගැවසෙන ආරුගම්බේ, බණ්ඩාරවෙල ඇල්ල, මාතර වැලිගම, අහුන්ගල්ල වෙරළ තීරයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදුන්නා."
"එම පොලිස් ආරක්ෂාව මේ මාසේ මුල ඉදළම යොදවන්න කටයුතු කරලා තියෙනවා. ආරක්ෂක මණ්ඩලය තුළ මේ තොරතුරු ගැඹුරින් සාකච්ඡා කළා. බුද්ධි අංශත් පොලීසියත් මගින් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා."
"සැකපිට තොරතුරු මත පදනම්ව තුන්දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයගෙන් ප්‍රශ්න කෙරෙමින් තිබෙනවා. ඔවුන් යම්කිසි කැලඹිලිකාරී තත්ත්වයත් ඇතිකරන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව උත්සාහය කරලා තියෙනවාද කියන එක ගැන. ඒ අයගෙන් තොරතුරු ලබාගනිමින් තිබෙනවා. ලබාගත් තොරතුරු මත ඉදිරි පරීක්ෂණ කටයුතු කරගෙන යනවා".
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.