පුවත්

නොවැම්බර් 14 පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානයක් - ජනපති

නොවැම්බර් 14 පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානයක් - ජනපති

නොවැම්බර් 14 වනදා තිබෙන්නේ ඡන්දයක් නොවන බවත් එය මහා ශ්‍රමදානයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජොන්ස්ටන් වැලිකඩට

අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

ආරුගම්බේ ප්‍රහාර සැලසුම ගැන ඉන්දීය බුද්ධි අංශ සැපයු තොරතුරු

ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර ඇත්තේ ඉන්දීය බුද්ධි අංශ විසින් බව අද (23) හෙළිදරව් විය.

Read More

අවපැහැ සමට ඇති බැඳියාව හමාර කරන්නට ගෙනයන අරගලය

චර්ම වර්ණවාදී අගතිය මත්තේ යැපෙන ඩොලර් කෝටි ගණනක ආලේපන හා හානිකර කර්ම ව්‍යාපාරයක් බිහිවී තිබේ. ශ්‍රී ලංකාවද සුදු හමට බැඳි පෙම එළිපිටම ප්‍රකාශ කරමින් සිටී. මෙම ප්‍රවණතාවේ භයානක කම සහ එම ගමන නවතා ලන මාර්ග පිළිබඳව, සුන්දර සුදු සහ අවලස්සන කළු නම් හිතළුව අතර පරම්පරාගත ගැටුමේ විවිධ පාර්ශව සමග කතාබහ කොට මේරි රෝස් ඒබ්‍රහම් ලන්ඩනයේ පලකෙරෙන ද ගාඩියන් පුවත්පතට සැපයූ මේ විශේෂාංගය සකස් කළේ අභිෂේකා වාසලබණ්ඩාර.

Read More

රවී සහ ශානි ගේ තනතුරු ගැන සහතිකයක්

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර යන අයද කිසිදු හේතුවක් මත එම තනතුරුවලින් ඉවත් නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවසීය.

Read More

ගංවතුරෙන් විපතට පත්වූවන්ට චීන ආධාර

පසුගියදා ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ.

Read More

පොදු සමා කාලය ගැන UAE සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි.

Read More

මහ මැතිවරණ ගැසට්ටුවට එරෙහිව පෙත්සමක්

මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම සහ ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම මැතිවරණ පනතේ විධානයන්ට පටහැනි හෙයින් මහ මැතිවරණය පැවැත්වීම ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය අත්හිටුවන්නැයි ඉල්ලමින් සිවිල් ක්‍රියාකාරකයකු වන ප්‍රියන්ත හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (21) ගොනු කළේය.

Read More

ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා

ජල සැපයුම් නල මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්තික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි.

Read More

මැතිවරණ නීති උල්ලංඝණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා - වැඩබලන පොලිස්පති

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට එරෙහිව කිසිදු දේශපාලන හෝ අධිකාරිමය බලපෑමකින් තොරව නීතිමය පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

Read More