කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනාට තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.
වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාව සහ පිරිමි පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර ඔවුන් අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි අඹුසැමි යුවළකි.
මියගිය කාන්තාව මෙන්ම පිරිමි පුද්ගලයා ද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය බව ද පොලීසිය සඳහන් කළේය.
මෙම වෙඩි තැබීම T-56 වර්ගයේ ගිනි අවියකින් සිදු කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනය අනුව පොලීසිය සැකකරනු ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.