දීඝවාපී සෑ ගර්භයේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීම ජනපති මූලිකත්වයෙන්
සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලක්දිවට වැඩමවා වදාළ පරම පුජනීය සොළොස්මස්ථාන අතරින් ප්රමුඛස්ථානයක් ගනු ලබන ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ සර්වඥ ධාතූන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සහභාගිත්වයෙන් අද (14) පෙරවරුවේ සිදුවිය.