දෙවෙනි ජීවිතය ඇරඹෙන්නේ ඉතිරි එක් ජීවිතයක් පමණක් බව වටහාගන්නා දිනයේදි ය
මම, මා ජීවත් වූ සහ ජීවත් වීමට ඉතිරිව ඇති වසර ප්රමාණය ගණන් කෙරුවෙමි. මා ජීවත්ව සිටියාට වඩා අඩු වසර ගණනක් පමණක් දැන් මා ඉදිරියේ ඉතිරිව ඇති බව ඉන් උගත්තෙමි. මට මා දැන් දැනෙන්නේ රසකැවිලි පාර්සලයක් දිනාගත් දරුවෙකු ලෙසිනි. ඔහු මුල් රසකැවිලි කිහිපය ඉමහත් ප්රමෝදයෙන් අනුභව කෙරී ය. නමුත් දැන් ඉතිරිව ඇත්තේ රසකැවිලිවලින් ස්වල්පයක් පමණක් බව දැනගත් වහාම ඔහු දැඩි උවමනාවකින් සහ සිහියෙන් ඒවා රස විඳීම ඇරඹීය.