මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් 71 දෙනෙකු මේ වන විට දිවයිනට පැමිණ තිබේ.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඉන් 43 දෙනෙකු යුරෝපා සංගම් නිරීක්ෂකයින්, 22 දෙනෙකු පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින්, 6 දෙනෙකු ඇන්ෆ්‍රෙල් සංවිධානයේ නිරීක්ෂකයින් වන බවයි.
ඒ අනුව,දිවයිනට පැමිණ සිටින නිරීක්ෂණ කණ්ඩායම්, මැතිවරණ දිස්ත්‍රික්ක 22 ම නියෝජනය වන පරිදි පූර්ව නිරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි, ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
ඊට අමතරව යුරෝපා සංගම් නිරීක්ෂකයින් 34 දෙනෙකු සහ ඇන්ෆ්‍රෙල් සංවිධානයේ 3 දෙනෙකු ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිතයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.