පුවත්

ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට

ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසයි.

මෙරට සිටින ඊශ්‍රායල් වැසියන්ගේ ආරක්ෂාවට විශේෂ දුරකතන අංකයක්

ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල් ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ක්‍රියාමාර්ගයක් ගෙන ඇතැයි පොලිසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල් ජාතිකයින්ට හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් දැනුම් දීම සඳහා විශේෂ දුරකතන අංකයක් ලබා දී ඇති බව ය.

Read More

පැය 10ක් ප්‍රශ්න කරා කියලා ජනතා ප්‍රශ්න යට ගහන්න එපා - නාමල් CIDයෙන් පිටව යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඉන් පිටව ගොස් තිබේ.

Read More

ජනාධිපති කාර්යාලයේ වාහන 29 අතුරුදන්?

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රුපියල් කෝටි ගණනාවක් වටිනා යතුරුපැදි 12 ක් ඇතුළු වාහන 29 ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගෙන් පැය හය හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

නොවැම්බර් 14 පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානයක් - ජනපති

නොවැම්බර් 14 වනදා තිබෙන්නේ ඡන්දයක් නොවන බවත් එය මහා ශ්‍රමදානයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

Read More

ජොන්ස්ටන් වැලිකඩට

අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

ආරුගම්බේ ප්‍රහාර සැලසුම ගැන ඉන්දීය බුද්ධි අංශ සැපයු තොරතුරු

ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර ඇත්තේ ඉන්දීය බුද්ධි අංශ විසින් බව අද (23) හෙළිදරව් විය.

Read More

රවී සහ ශානි ගේ තනතුරු ගැන සහතිකයක්

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර යන අයද කිසිදු හේතුවක් මත එම තනතුරුවලින් ඉවත් නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවසීය.

Read More

ගංවතුරෙන් විපතට පත්වූවන්ට චීන ආධාර

පසුගියදා ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ.

Read More

පොදු සමා කාලය ගැන UAE සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි.

Read More