පුවත්

ආර්ථිකය ගැන හර්ෂ ගෙන් අනතුරු ඇඟවීමක්

ආර්ථිකය ගැන හර්ෂ ගෙන් අනතුරු ඇඟවීමක්

රටක ආර්ථිකය කළමනාකරණය කිරීම පහසු කාර්යයක් නොවන බවත් ආර්ථිකය කළමනාකරණය කිරීමට පළපුරුද්දක් තිබිය යුතු බවත්, ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නිවැරැදි තීන්දු තීරණ ගැනීමට නොහැකි වුවහොත් නැවත රට කඩාගෙන වැටෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැසීය.

බදු ගෙවිය යුතු පුද්ගලයින් 160%කින් ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ බදු ගෙවිය යුතු පුද්ගලයින් සංඛ්‍යාව 160%කින් ඉහළ ගොස් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

අර්ජුන හේරත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අර්ජුන හේරත් පත්කර තිබේ.

Read More

වාහන ආදායම් බලපත්‍ර ගැටළුවකට විසඳුම්

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

Read More

මහ මැතිවරණ අපේක්ෂකයින් ගේ වියදම් වාර්තා ගැන දැනුම්දීමක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.

Read More

කුණ්ඩසාලේ ප්‍රාථමිකයෙන් කෙහෙළිය නම හැලෙයි

මහනුවර කුණ්ඩසාලේ පිහිටි ‘කෙහෙළිය රඹුක්වැල්ල’ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයයේ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් අනුමැතිය ලබා දුන්නේය.

Read More

මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව ගැන දැනුම්දීමක්

ලෙබනනය ඇතුළු මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වයත් සමග ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

Read More

HPV එන්නත ලබාදීමෙන් රෝගී වූ සිසුවියන් 5ක් රෝහලට

ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන HPV එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු රෝහල්ගත කර ඇතැයි අඟුරුවාතොට පොලීසිය පවසයි.

Read More

ආර්ථික ප්‍රශ්න විසඳා, ඉදිරියට යාමට පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි - රනිල්

රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ පවසයි.

Read More

සුළැගිල්ල වෙනුවට මහපට ඇඟිල්ල පාට කිරීමේ තීරණයක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම 2024.10.26 දින පැවැත්වීමට නියමිත අතර එහිදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල සළකුණු කිරීමට තීරණය කර තිබේ.

Read More