ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෑත කාලයේ ආණ්ඩුවක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ විශාලම මුදල වන රුපියල් බිලියන 1400කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙන බවත් මෙම වසර අවසන් වීමට පෙර එම ප්‍රතිපාදන නිසි පරිදි වැය කරමින් අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායක වීම දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේද වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් විසින් ගනු ලබන තීන්දූ තිරණවල වින්දිතයන් බවට පත්ව ඇත්තේ ඊට කිසිදු සම්බන්ධයක් නොමැති පොදු ජනතාව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තවදුරටත් ඊට ඉඩ නොතැබිය යුතු බවද අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ඊයේ (11) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති මාතර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.
මේ වසරේ 5%ක ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත්, රාජ්‍ය ආයෝජන ඉහළ යාම ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එයින් රටේ සංවර්ධන කාර්යය පණ ගැන්වීමට හැකියාව ලැබෙන බවද පෙන්වා දුන්නේය.
රජය වෙන් කර තිබෙන ප්‍රාග්ධන වියදම් නිසි පරිදි වැය කිරීමට අපොහොසත් වුවහොත් එම චක්‍රය බිඳ වැටෙන බවත්, එබැවින් මෙම ප්‍රතිපාදන නිසි පරිදි වැය කිරීමට සියලුදෙනා කැප විය යුතු බවත් ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක , මීට පෙර ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ ප්‍රතිපාදන, එම ප්‍රමාණයෙන්ම, නියමිත කාලවලදී නොලැබුණු ඉතිහාසයක් රටේ තිබූ බවද සිහිපත් කළේය.
2025 අයවැයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන මට්ටමින් මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒ යටතේ මෙතෙක් ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි.
දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය, අධ්‍යාපන, ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ඉඩම්, වාරිමාර්ග යන ක්ෂේත්රවල මතුව ඇති ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
නිල්වලා ලවණ බාධකය පිළිබඳ ගැටලුව කෙරෙහි මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු වූ අතර, දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින එම ගැටලුව විසඳීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණ වාර්තා සමාලෝචනය කිරීම සඳහා අදාළ ක්ෂේත්රයන්හි ප්‍රවිණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මාසයක් ඇතුළත පත් කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන ලෙසටද උපදෙස් දුන්නේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.