ජනපතිගේ චීන සංචාරයෙන් ඩො.බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදුවිය.