යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහරින ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් දැනුම් දී ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරිනියන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධවීමට අදාළව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව යෝෂිත රාජපක්ෂ අද (17) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර, ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.
පාසල් සිසුන් අතර අධික ස්ථුලතාවය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.