සෑම දිනකම කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරු වෙලා
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දැකගත හැකි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද (07) සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.
අද රාත්‍රී 8.58 සිට හෙට (08) අලුයම 2.25 දක්වා පැය 5යි මිනිත්තු 27ක පමණ කාලයක් මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිවන බවත් පුර්ණ චන්ද්‍රග්‍රහණය සම්පූර්ණයෙන් දිස්වීම අද රාත්‍රී 11.01 සිට හෙට අලුයම 12.22ක් දක්වා කාලය තුළ සිදුවන බවත් ඔහු පැවසුවේය.
එමෙන්ම මෙම චන්ද්‍රග්‍රහණය පූර්ණ වශයෙන් හෝ අර්ධ ග්‍රහණයක් වශයෙන් සියයට 85ක් පමණ ලෝක ජනතාවට දිස්වනු ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී අද රාත්‍රි 7.00 සිට පූර්ණ චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ කඳවුරක්ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
2028 දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව නොලැබෙන බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.