චර්ම වර්ණවාදී අගතිය මත්තේ යැපෙන ඩොලර් කෝටි ගණනක ආලේපන හා හානිකර කර්ම ව්‍යාපාරයක් බිහිවී තිබේ. ශ්‍රී ලංකාවද සුදු හමට බැඳි පෙම එළිපිටම ප්‍රකාශ කරමින් සිටී. මෙම ප්‍රවණතාවේ භයානක කම සහ එම ගමන නවතා ලන මාර්ග පිළිබඳව, සුන්දර සුදු සහ අවලස්සන කළු නම් හිතළුව අතර පරම්පරාගත ගැටුමේ විවිධ පාර්ශව සමග කතාබහ කොට මේරි රෝස් ඒබ්‍රහම් ලන්ඩනයේ පලකෙරෙන ද ගාඩියන් පුවත්පතට සැපයූ මේ විශේෂාංගය සකස් කළේ අභිෂේකා වාසලබණ්ඩාර.