මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වන අලින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ප්‍රදේශීය පොලිස් නිලධාරීන්ගේ සහාය ලබාදෙන මෙන් වනජිවී දෙපාර්තමේන්තුව පොලිස්පති ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සිදුව ඇති වන අලින්ගේ මරණ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ SOCO කණ්ඩායම් වල සහාය කඩිනමින් ලබා දෙන ලෙසයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
සීගිරිය දිගම්පතන ප්‍රදේශයේ මියගිය වන අලි අතරින් එක අලියකු සම්බන්ධයෙන් 2025.02.03 වන දින වනජීවී නිලධාරී වෙත පළමුවරට වාර්තාවී ඇති අතර ඒ සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර විමර්ශන සිදුකරමින් පවතින බව පොලිස්පති වෙත යොමුකළ ලිපියෙහි වැඩිදුරටත් දැක්වේ.
එම ලිපිය පහතින් දැක්වේ.

වන අලින්ට වෙඩි තැබීම මගින් සිදුවන හානි අවම කර ගැනීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයෙන්ද පොලිස්පති වෙත ලිපියක් යොමු කර තිබේ.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.