මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.
තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක විසින් ගොනු කර තිබූ නඩුවක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි තිස්ස කුට්ටිආරච්චි සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදු කර ඇත.
ඉන් අනතුරුව එම නඩුව දෙපාර්ශ්වයේ එකඟත්වය ඇතිව සමථයකට පත් කෙරින.
පසුගිය අරගල සමයේ දී විදේශ රටවල් ගණනාවකින් අනුර කුමාර දිසානායක ගේ ගිණුමකට මුදල් ලැබෙන ලැබී ඇති බවත් එම මුදල් එකතුකර මෝල්ටා රාජ්‍යයේ ඩොලර් බිලියන පහක ආයෝජනයක් සිදුකර ඇති බවත් 2023 අගෝස්තු මස 19 දින පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැදකොළඹ ආසන බල මණ්ඩලය අමතමින් එවකට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ තිස්ස කුට්ටිආරච්චි පවසා තිබිණ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.