පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ආරම්භ කළ Rebuilding Sri Lanka අරමුදලට ඊයේ (10) වන විට රුපියල් මිලියන 1,893ක් ලැබී තිබෙන බව රජය අවධාරණය කරයි.
මේ සඳහා ලෝකයේ රටවල් 39ක පමණ ශ්‍රී ලංකිකයන් ද ඇතුළුව විශාල පිරිසක් මුදල් බැරකර තිබෙන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කරයි. දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර සහ දේපළ වෙනුවෙන් රක්ෂණ වන්දි ගෙවීම හා සුළි කුණාටුවෙන් සිදුවූ ආපදාවෙන් රට යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් අරඹන ලද Rebuilding Sri Lanka වැඩසටහනට දේශීය වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විවිධ ආයතනවලින් මූල්‍යාධාර වශයෙන් මෙතරම් ප්‍රමාණයක් ලැබී තිබෙන බව ලේකම්වරයා පෙන්වාදෙයි.
මෙම සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර සහ දේපළ වෙනුවෙන් වන්දි ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධානත්වයෙන් සහ සියලුම රක්ෂණ ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ බව ද කියා සිටී.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව සඳහන් කළේය. එම සාකච්ඡාවේදී අනාවරණය වූ පරිදි මෙම ආපදා තත්ත්වය තුළ හානියට පත් ව්‍යාපාර, දේපළ සහ ජීවිත වෙනුවෙන් කඩිනමින් වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් දැනටමත් සියලුම රක්ෂණ සමාගම් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ හර්ෂණ සූරියප්පෙරුම ,
"එම වැඩපිළිවෙළ අනුව සුළු දේපළ හානි වෙනුවෙන් කඩිනමින් වන්දි ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා. විශාල දේපළ හානි සඳහා වන්දි ගෙවීම, ඊට අවශ්‍ය තොරතුරු රැස්කර ගැනීමෙන් අනතුරුව සිදු කරනවා.
එතෙක් එම වන්දි මුදල්වලින් කොටසක් කඩිනමින් ලබාදීමට කටයුතු කරනවා. දේපොළ හානි සහ වන්දි ගෙවීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියමන කොමිෂන් සභාවේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කර තිබෙනවා. මේ ව්‍යසනයේ දී දේපොළ සහ ජීවිත හානි වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා කඩිනම් ක්‍රමවේදයක් ආරම්භ කර තිබෙන බවට ඔවුන් ප්‍රකාශ කළා. එම වන්දි කඩිනමින් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ව්‍යසනයට පත්ව තිබෙන රට නැවත ගොඩනැඟීමේ කටයුතු සඳහා Rebuilding Sri Lanka වැඩසටහන වෙනුවෙන් දේශීය සහ විදේශීය වශයෙන් මේ සඳහා ආධාර ලබාදෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 1,893ක් දක්වා මේ වනවිට එම අරමුදලට ලැබී තිබෙන මුදල් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් ගත ශ්‍රී ලාකිකයන්, මෙරට ජනතාව, ව්‍යාපාරිකයන් මේ සඳහා අරමුදල් බැරකර තිබෙනවා. විදේශයකින් ලැබී තිබෙන වැඩිම මුදල බලනවිට අමෙරිකාවෙන් ලැබී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවෙන් ද එංගලන්තයෙන් ද මුදල් ලැබී තිබෙනවා. ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, කොරියාව ඇතුළුව රටවල් 39කින් ශ්‍රී ලංකාවට මුදල් ලැබී තිබෙනවා. මේ අවස්ථාවේ විපතට පත් ජනතාව ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබාදෙමින් මේ අරමුදලට මුදල් බැරකර තිබෙනවා. මේ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා”
මහින්ද අලුත්ගෙදර, චමීර ඇල්ලදෙණිය | dinamina.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.
ආපදාවෙන් හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ප්‍රතිෂ්ඨා නමින් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අවම වශයෙන් ඩොලර් මිලියනයක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට එක්සත් ජනපද වීසා ඉක්මනින් ලබා දෙන යෝජනා ක්‍රමයක් දියත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.